Colombo Today Local News

සතුන් සමග ලිංගිකව එක්වීමටත් ඉඩ දෙනවාද? සුජීව සේනසිංහ, හර්ෂ ද සිල්වාගෙන් අසයි

සතුන් සමග ලිංගිකව එක්වීමට කැමතියි නම් රජය එයට ද ඉඩ දෙන්නේ දැයි වැඩ බලන ඇමති සුජීව සේනසිංහ මහතා ඊයේ (17) කැබිනට් රැස්වීමේදී විමසා ඇතැයි වාර්තා වේ.

GSP + බදු සහනය ලබා ගැනීමට අදාළව අග්‍රාමාත්‍යවරයාගේ අනුමැතිය යටතේ ඉදිරිපත් කල මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම (National action plan for the protection and promotion of human rights 2017-2021) වැඩ බලන විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය සිනා සයුරේ ගිල්වමින් සුජීව සේනසිංහ මහතා එම කාරණය විමසා සිටිබව එම වාර්තා වැඩි දුරටත් පවසයි.

ලිංගිකත්වය සම්බන්ධයෙන් ඉංග්‍රීසි යුගයේ පනවනු ලැබූ “වික්ටෝරියානු සදාචාරයේ” නීති අහෝසි කිරීම සඳහා ගෙන එනු ලැබූ යෝජනාවක් එහි සඳහන්ව ඇත.

තාක්ෂණික වචන (Discrimination on sexual orientation & Transactional sex) කිහිපයක් එක්කර තිබු එම යෝජනාව පිළිබඳව හර්ෂද සිල්වා මහතාගෙන් අමාත්‍යවරු කල ප්‍රශ්ණ කිරීම් හමුවේ ඔහු දැඩි අපහසුතාවයට පත්වී ඇතැයි වාර්තාවේ.

කෙසේ වුවද අවසානයේ ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ප්‍රතික්ශේප කර ඇති අතර රටේ සංකෘතියට හානි වන තීරණ කිසිලෙසකින්වත් කවර තත්වයන් යටතේ වුවද ගත නොහැකි බව කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

Related posts

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවෙසට ගිනි අවි පෙන්වා ආ මැරයින්ගෙන් අසූචි ප්‍රහාරයක්

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරයෙක්

colombotoday

සරසවි ඇදුරන් නොගෙවූ මිලියන 813 අර්ථ සාධකයෙන් කපාගන්න යයි

colombotoday

උමාරා සිත්රිදුනු අයගෙන් සමාව ඉල්ලයි

Admin

අද ගෑස් ලබා ගත හැකි වෙළෙදසැල් මෙන්න

colombotoday

මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වසර 25යි

colombotoday