Colombo Today Local News

හකීම්ගේ හෙංචයියන් 481 ක් නීතිවිරෝදී ලෙස ජල සම්පාදන මණ්ඩලයේ ස්ථිර කරයි?

hakeem

යහපාලන රජය බලයට පැමිණීමෙන් පසු අත්තොමතික ලෙස ජල සම්පාදන මණ්ඩලය සදහා නුපුහුණු සේවකයන් මාසික වැටුප රු.20 000 ක් යටතේ අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ හෙන්චයියන් 481 දෙනකු බදවාගන ඇත. මෙම බදවා ගැනීම් සිදු නොකරන ලෙස මහා භාණ්ඩාගාරය සහ කෝප් කමිටුව අමාත්‍යවරයාට දන්වා ඇතත් එය මායිම් නොකර ඇත.

දින 180 සම්පුර්ණ වුනු තවමත් ස්ථිර නොකරන ලද සේවකයන් 600 ක් ජල සම්පාදන මණ්ඩලයේ සිටින අතර ඔවුන් ස්ථිර නොකර අමාත්‍යවරයාගේ හෙන්චයියන් පමණක් මෙලෙස ස්ථිර කිරීමට කටයුතු කිරීම කම්කරු නිතිය පවා උල්ලංඝනය කරන්නක් බවයි වුර්තිය සමිති පවසන්නේ.

මෙම ස්ථිර කිරීම් සදහා සිදුකරන සම්මුක පරීක්ෂණ 4 සෙනසුරාදා දින සහ 5 ඉරිදා දින අමාත්‍යංශයේදී සිදුකිරීමට නියමිතව ඇති අතර සාමාන්‍යයෙන් මෙවැනි සම්මුක පරීක්ෂණ පවත්වනු ලබන්නේ ජල සම්පාදන මණ්ඩලයේදීය.

Related posts

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට දුන් කෝටි 90 කෝ

colombotoday

සහරාන් ත්‍රස්තයාගේ නැගනිය කාත්තන්කුඩියේදී අත්අඩංගුවට…

colombotoday

කොල්ල කෑ තීරෝද රථයකින් රන් මාල කොල්ල කෑ කල්ලියක් පොලිස් දැලේ

Admin

මාධ්‍ය නිදහසට බලපෑමක් එල්ල වෙන්න දෙන්නේ නෑ – ජනාධිපති මාධ්‍ය ප්‍රධානීන් හමුවේ සහතික වෙයි

colombotoday

නිරෝධායනය අවසන් කළ පිරිසක් නිවෙස්වලට

colombotoday

බදුල්ල ශික්ෂණ රෝහලේ කෝටි හතක බිලක් – ගොඩනැගිලි තුනක විදුලිය කපයි

Admin