Colombo Today Local News

සභාපති පුටුවටකට පොහොට්ටුවේ දෙපිරිසක් ගුටි කෙළියක. තිදෙනෙක් රෝහලේ

වාරියපොල ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමකින් තිදෙනකු රෝහල්ගත කර ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි.

සභාපතිවරයා ලෙස වැඩ බාරගත් ලයනල් ප්‍රේමතිලක මහතා සමග ප්‍රාදේශීය සභාව තුළ සිටි හිටපු සභාපතිවරයකු වන තිලකරත්න දිසානායක මහතා සහ නිල්මිණී සෙනෙවිරත්න මන්ත්‍රීවරියට වත්මන් වැඩබලන සභාපතිවරයා පහර පහරදුන් බව කියා වාරියපොල රෝහලට ඇතුලත් වී ඇත.

වැඩ බලන සභාපතිවරයා සමග සිටි පුද්ගලයකුද හිටපු සභාපති තිලකරත්න මහතා පහරදුන් බව කියමින් නිකවැරටිය රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටී.

හිටපු සභාපති තිලකරත්න දිසානායක මහතා කියා සිටින්නේ අද දින වැඩබාරගත් සභාපති ප්‍රේමතිලක මහතාගේ තනතුර අත් හිටුවා අතුරු තහනම් නියෝගයක් ගත් බව කියාගෙන පැමිණි වැඩ බලන සභාපතිවරයා ප්‍රාදේශීය සභාව තුල ආහාර ගනිමින් සිටි තමන්, නිල්මිණී මන්ත්‍රීතුමිය ඇතුලු එහි සිටි පිරිසට පහරදුන් බවයි. මේ සම්බන්ධයෙන් වාරියපොල පොලිස් ස්ථානයේ පැමිණිළි කීපයක්ද සටහන් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමසීමට වැඩබලන සභාපති අනුර සුදර්ශන මහතා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් සභාපතිවරයාගේ දුරකතන ක්‍රියා විරහිතව තිබිණ.

Related posts

පවුල් නීති පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය.

colombotoday

“අපි දැන් මොනව කීවත් මිනිස්සු ගණන් ගන්නේ නෑ… දූෂණ ගැන කියන්න ගියාම අපට හිනාවෙනවා”

colombotoday

යතුපැදිකරුවන් ගිය 6ක් මරුට – පදිකයන් තිදෙනෙකුත් බිළි

colombotoday

15 මහේන්ද්‍රන් නාවොත් අල්ලන්න ජාත්‍යන්තර වරෙන්තුවක්

colombotoday

රාජ්‍ය මුදල් අවභාවිත නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කරයි

colombotoday

පාතාල සාමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday