වියට්නාම සංචාරය අතරතුර නැවති දිවයිනට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුණු ස්ථානයට පැමිණියේය.
කුණු කන්ද එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත්, නිවාස අහිමි වූ සියළු දෙනාට නව නිවාස ලබාදෙන බවත් අගමැතිවරයා එහිදී පොරොන්දු විය.
අගමැතිවරයා සමග එම අවස්ථාවට ඇමති සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මරික්කාර් පොලිස්පතිවරයා ඇතුළු පිරිසක්ද එක්විය.
පසුගිය 17 වනදා යාපනෙ සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා මේ දක්වා මීතොටමුල්ලේ නිරීක්‍ෂණ කටයුත්තකට සහභාගී නොවීය.