Colombo Today Local News

ආණ්ඩුවේ බහුතරය නැති කරනවා. මොන රාජපක්ෂ කෙනෙක්වත් ආයේ මේ රටේ පාලන බලයට ගෙන්නෑ.

අවලස්සන ඇමරිකානුවා තියාගෙන මේ ගමන යාමට නොහැකියි. ආණ්ඩුවට තියෙන 113 බහුතරය නැතිකර වත්මන් උද්ධච්ච පාලනය අහෝසි කරනවා යැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

රාජපක්ෂවරුන් බලයට ගේන්න කිසිදු කැපකිරීමක් අපි කරන්නේ නැහැ.අපගේ මේ වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මාවත් ගම්මන්පිල ඇමැතිවරයාත් ආණ්ඩුවෙන් ඉවත් කෙරුණා.

අපේ පක්ෂ 11 මගින් ජනගත කළ වැඩපිළිවෙළ මහ නායක හිමිවරුන්ට අද පිළිගන්නවලා ඉදිරි ගමන් මාර්ගය සම්බන්ධව උන්වහන්සේලා දැනුවත් කළා. මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාව පාවිච්චි කරනවද එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහතා පාවිච්චි වෙනවද කියල අපි දන්නෙ නැහැ.

සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්නේ හැමෝම එකතු වෙලා වැඩ කරන්නයි. හිටපු අගමැතිවරයකුට ඔයා කියලා කතා කරන්න තරම් උද්දච්ච මිනිහකු කියලා මෙතනදී මුදල් ඇමැතිවරයා පෙන්නුවා.

සර්ව පාක්ෂික සමුළුව දී ඔහුට ඕනෑ වුණේ ගැටුමක්. මොන රාජපක්ෂ කෙනෙක්වත් ආයේ මේ රටේ පාලන බලයට ගෙන එන්න උදව් කරන්න ජීවිතයට අපේ බලාපොරොත්තුවක් නෑ. කවුරුහරි එහෙම කියනවනම් අපේ ගමනට බය වෙලයි ඔවුන් එහෙම ප්‍රකාශ කරන්නේ.

මේ රට වෙනත් රටක කොලනියක් කරන්න හදනකන් බලාගෙන ඉන්න අපිට පුළුවන් කමක් නැහැ.සජිත් හදන්න ගිය සුරංගනා ලෝකෙට වඩා මේ හැදුනු සුරංගනා ලෝක භයානක කමෙන් අඩුයි.ඒක හැදුවා නම් මේ රට මෙහෙම වත් ඉතුරු වෙන්නේ නැහැ යැයි ද පැවසිය .

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 මගින් ඉදිරිපත් කළ රට හරිමගට ජාතික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් වහන්සේලා දැනුවත් කිරීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි විමල් වීරවංශ මහතා මේ බව පැවැසීය.

Related posts

කොවිඩ් – 19 වෛරසය ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යාප්තිය අභියසට පැමිණිලා.

colombotoday

කොඳු ඇටපෙළ හොඳමට ගෙවිලා.. අළුත් සැප වාහනයක් මටත් ඕනා” – විජිතමුණි සොයිසා

colombotoday

පුල්මුඩේ නිවසකින් බෝම්බ උපකරණ තොගයක් අල්ලයි… නිවසේ හිමිකරු පැන යයි…

colombotoday

GSP+ සහනය දෙනවනම් ලොකු දෙයක්.. ජනපති යුරෝපා සංගමයෙන් ඉල්ලයි

colombotoday

පලාලි අධි ආරක්‍ෂිතයෙන් තවත් කොටසක් අද මුදාහරී… මාධ්‍යයට ඇතුළුවීම තහනම්?

colombotoday

මෙරට පුරාවස්තු මංකොල්ල කන්නේ සිංහල බෞද්ධයෝ.. දෙමළ-මුස්ලිම් මිනිස්සු පුරාවස්තු මංකොල්ල කන්නෙ නෑ- JVP

colombotoday