අද දිනයේත් කලාප 23 කට බෙදා විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර දී තිබේ.
ඒ අනුව A සිට L දක්වා කාණ්ඩවලට අයත් ප්රදේශවලට උදෑසන 8.00 සිට සවස 6.00 අතර, පැය 3 යි මිනිත්තු 20 ක් සහ සවස 6.00 සිට රාත්රී 11.00 අතර පැයයි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
P සිට W දක්වා කාණ්ඩවලට අයත් ප්රදේශවලට උදෑසන 10.30 සිට පස්වරු 4.30 අතර පැයක් සහ පස්වරු 4.30 සිට රාත්රී 9.30 අතර පැයයි මිනිත්තු 40 ක් ලෙස විදුලිය කප්පාදු කෙරේ.