Colombo Today Local News

ගුවන් තොටුපොළේ අක්‍රමිකතා කළොත් දඩය ලක්ෂයයි – ඇමති නිමල් සිරිපාල

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයින්ට පනවන දඩය වැඩි කිරීමට තීරණය කර තිබේ.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව මේ දක්වා පැවති 25,000 දඩය රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති බවයි.

ගුවන් තොටුපළ තුළ රැඳී සිටින ටැක්සි රියැදුරන්, තැරැව්කරුවන් සහ වෙනත් නිලධාරීන් විවිධ අක්‍රමිකතාවල යෙදෙන බව පැමිණිලි ලැබී ඇතැයි, අමාත්‍යවරයා පවසයි.

බොහෝ ගුවන්තොටුපළවල දක්නට ලැබෙන ආචාරශීලි ස්වභාවයේ අඩුපාඩුවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දක්නට ලැබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, අවශ්‍ය නම් හමුදාව හෝ විශේෂ කාර්ය බලකාය කැඳවා තර්ජන ගර්ජන සිදුකරන අය ඉවත් කිරීමේ කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවයි.

Related posts

වැට් පනත් කෙටුම්පත් විවාදයට ගැනීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

Admin

ශ්‍රී ලංකාවාසීන්ට දර්ශනීයම ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව බලන්න අවස්ථාවක්

Admin

අණ නොතකා ගිය යතුරුපැදියකට පොලිසියෙන් වෙඩි

Admin

සතොසෙන් එක් පුද්ගලයෙකුට දෙන සීනි කිලෝ ගණන වැඩි කරයි

colombotoday

SLS නැතිව ඩොලර් 2,391,388.95 ක දුඹුරු සීනි ගෙන්වලා

colombotoday

ගිලන් රථයකට වෙඩි ප්‍රහාරයක්

colombotoday