Colombo Today Local News

මෙතෙක් බිහි වූ කාර්යක්ෂම සෞඛ්‍ය ඇමතිවරයා රාජිතයි – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

මෙතෙක් බිහිවූ කාර්යක්ෂමම සෞඛ්‍ය ඇමතිවරයා දොස්තර රාජිත සේනාරත්න බව, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා නැගෙනහිර ආසියානු කළාපීය අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් චෙට්‍රපාල් සිං මහත්මිය පවසයි.

ඇමති රාජිත සේනාරත්න සමග, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

“පසුගිය වසර 02 තුළ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නායකත්වයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ධනයක් දක්නට ලැඛෙනවා. ඊට ප්‍රධානම හේතුව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කැපවීමයි. දුම්කොළ බදු සියයට 90 දක්වා වැඩි කිරීම, ප්ලේන් සිගරට් පැකට්ටුවක් හදුන්වාදීමට ක්‍රියා කිරීම, ඉතා වැදගත් වෙනවා. අසියානු රටවලින් ප්ලේන් සිගරට් පැකට්ටුවක් හදුන්වා දීමට නියමිත එකම රට ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාවෙි සෞඛ්‍ය පිළිබද විශාල බලාපොරොත්තුවක් තිඛෙනවා. රෝග නිවාරණය අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින අතර, එය කළාපයේ අනෙකුත් රටවලට ආදර්ශයක්. ශ්‍රී ලංකාව මධ්‍ය ආදායම් රටක් ලෙස නම් කර ඇතත්, දුප්පත්කම තුරන් කිරීමට වත්මන් රජය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම බෝනොවන රෝග පාලනය කිරීමට ගෙන ඇති ක්‍රීයාමාර්ග ඉතා වැදගත්. රෝග පාලනය කිරීම විශාල අභියෝගයක්.” යැයිද ඇය එහිදී පැවසීය.

Related posts

මත්පැන් මිල ඉහළට

colombotoday

ලෝකයේ මිලියන දෙක හමාරක් මුස්ලිම්. දිගටම ආදාහනය කලොත් රටට විනාශයක් | බදුර්දීන්ගෙන් තර්ජන.

colombotoday

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් සිදුවන අසාධාරණ හා අකටයුතුකම් | පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අධිකාරියට යාමට සුදානම්

colombotoday

පොලිසියෙන් වෙඩි කා පැන ගිය වෙරන්තුකරුවෙක් අල්ලයි

Admin

සතොස සහල් මිලත් ඉහළට | එක් පාරිභෝගිකයෙකුට වරකට ගත හැක්කේ සහල් කිලෝ පහක් පමණයි

colombotoday

පැති බැම්මක් නිවසකට කඩා වැටී පුද්ගලයෙක් මරුට

colombotoday