Entertainment

ප්‍රියංකා බොලිවුඩය අතහැර හොලිවුඩයට !

සුරූපී දක්‍ෂ බොලිවුඩ් නිළියක් වන ප්‍රියංකා චොප්රා ලොව වැඩිම අය කිරීමක් සිදු කරන සාර්ථක තරු අතරටත් එක් වෙනවා. ඇය සිනමා රංගන ශිල්පිනියක් විදියට විතරක් නෙවෙයි forbes ලැයිස්තුවේ වැඩිම අය කිරීමක් කරන ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියන් අතරටත් එක් වන්නේ ඇගේ දක්‍ෂතාව නිසාමයි. බොලිවුඩ් සිනමාවට පමණක් සීමා නොවෙමින් හොලිවුඩ් ගායන හා රංගන අවස්ථාවන්ද වඩා සාර්ථකව ජයගත් ප්‍රියංකා මේ වන විට ලොව පුරා රසික හදවත් සොරාගත් සුරූපිනියක් වී ඇති බව නම් නොරහසක්.

ලොව පුරා සිටින වැඩිම අය කිරීමක් කරන ටෙලිනාට්‍ය තරු අතරින් 8 වැනි තැන හිමිකර ගත් ඇය Quantico ටෙලිනාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. සුරූපී FBI නිලධාරිනියකගේ චරිතයක් නිරූපණය කරන ප්‍රියංකාට එම ටෙලිනාට්‍යයේ සාර්ථකත්වය නිසාම තුන්වැනි ටෙලිනාට්‍ය මාලාවටත් ආරාධනා හිමිවෙලා. forbes ලැයිස්තුවට අනුව 2016 වසරේ ජුනි මස සිට 2017 වසරේ ජුනි මාසය තෙත් ඇය ඩොලර් මිලියන 10ක් පමණ උපයා ඇති බවත් වාර්තා වෙනවා.

මේ ලැයිස්තුවේ පළමු තැන හිමිවී තිබෙන්නේ කොලොම්බියානු ජාතික නිළියක් වන Sofia Vergaraටය. ඇයට ඇමෙරිකානු ඩොලර් මිලියන 41.5ක් හිමිවන බවත් වාර්තා වෙනවා .මේ වසරේ ටධපඡඥඵ ලැයිස්තුවේ ඉහළම දසදෙනා අතරට ඇය එක්වූ දෙවැනි අවස්ථාව මෙයයි.

Quantico ටෙලිනාට්‍ය මාලාව නිසා ප්‍රියංකා මේ දිනවලත් හරිම කාර්යබහුලයි. ඉදිරියට තිරගත වෙන හොලිවුඩ් චිත්‍රපට දෙකකින්ම අපට ප්‍රියංකාගේ රංගනයන් දැකගන්නත් අවස්ථාව ලැබෙනවා. කොහොම වුණත් ප්‍රියංකාට හොලිවුඩයෙන් මේ තරම් ආරාධනා ලැබෙන නිසා බොලිවුඩයත් අතහරිද කියන සැකයක් රසිකයන්ට තියෙනවා.

Related posts

අධිරාජ්‍ය ආක්‍රමණයට එරෙහිව නැගූ සිංහලේ පොදු ජන අරගලයක සිනමාරූපකරණය ‘සක්කාරං’

colombotoday

ජස්ටින් බීබර් සෑම් ස්මිත්ට පරදී

colombotoday

ලක් විරු සගයකු සමග අහසින් පැන්න ‘කමාන්ඩෝ’ යුද සුරතලියක් ඉතිහාසගත වාර්තාවක – PHOTO

colombotoday

මෙහෙම ගියොත් සිංහල සිනමාවටත් ඇඩ‍්‍රස් නෑ – ජැක්සන්

colombotoday

රියදුරු රහිත ලොව පළමු මෝටර් රථය අවුඩි සමාගමෙන්

colombotoday

ටැලන්ට් ෂෝ එකට ආව රුසියානු ජනපති පුටින්

colombotoday