Colombo Today Local News

5 වැනිදායින් පසු විදුලි කප්පාදුවක් නැහැ… හෙට සිට ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි

විදුලිය කප්පාදු මේ මස 5 වැනිදායින් පසුව නොකරන බව නිලධාරීන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රට මුහුණ පා සිටින විදුලි සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ අද (02) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදී නිලධාරීහූ ජනාධිපතිවරයාට එසේ දැනුම් දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැයි විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශවල නිලධාරීන් සමග කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ප්‍රමාදයකින් තොරව ඉන්ධන ගෙන්වීම, සංචිත පවත්වා ගෙන යාම, විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු සැපයීම අඛණ්ඩව සිදු කිරීමට ද ජනාධිපතිවරයා එහිදී නිලධාරීන්ට උපදෙස්දී තිබේ.

දිවයින පුරා සියලුම ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම හෙට (03) සිට සාමාන්‍ය පරිදි සිදු කරන බැවින් ජනතාව අනිසි බියකින් ඉන්ධන එක්රැස් කිරීමෙන් වලකින ලෙස එහිදී නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලීමක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.

Related posts

අධිකරණය වන්දි ගෙවා නිම නොකල මෛත්‍රී ඇතුළු පිරිසගේ වත්කම් සොයයි

Admin

හිටපු කොටින්ගේ ප්‍රහාරක සැලසුමක්.. ත්‍රස්ත විමර්ශන ඒකකය අනාවරණය කරයි !!

colombotoday

ශ්‍රී ලංකා පොලිසියේ ස්ථාන මාරුවීම් ගැන ඇමරිකා, ඕස්ට්‍රේලියා තානාපතීන්ගෙන් බලපෑම්…

colombotoday

තැපැල් සේවක වෘත්තීය සමිති වැඩවර්ජනය නවතී..

colombotoday

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අරලියගහ මන්දිර නාට්‍යයක් – ජනපති කියයි

colombotoday

තොණ්ඩමන් ආණ්ඩුවට…

colombotoday