Colombo Today Local News

පාස්කු කොමිසමට උලමාගේ වටලප්පන්

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසන් සභාවට සාක්ෂි ලබා දීමට සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති මහතා සහ තවත් කිහිප දෙනකු ඊයේ (10)දින පැමිණෙන විට වටලප්පන් පාර්සල් කිහිපයක් රැගෙන විත් තිබෙනු දක්නට ලැබිණි.

මිනිස් ජීවිත 265කට අධික සංඛ්‍යාවක් බිලිගත් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායමක් සිදු කළ සමූල ඝාතන සම්බන්ධයෙන් නෛතික කටයුතු සිදු කෙරෙන මේ කොමිසමට ඉස්ලාම් වියතුන්ගේ සංවිධානයේ සභාපතිවරයා මෙලෙස වටලප්පන් රැගෙන ඒම ප්‍රශ්න සහගත තත්ත්වයක් මතු කෙරිණි.

මීට පෙර බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණි අවස්ථාවේ කොමිෂන් සභාව තුළ රැඳී සිටි උලමා සංවිධානයේ නිලධාරියකු කොමිෂන් සභාවේ කටයුතු රහසිගතව පටිගත කර තිබූ බව වාර්තා වූ අතර ඔහු ජංගම දුරකථනය කොමිෂන් සභාව තුළට රැගෙන ගොස් තිබුණේ උලමා සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයකුගේ උදව්වෙන් වන අතර පසුව අදාළ සැකකරු සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හරහා නීතිමය පියවර ගන්නා ලෙස කොමිෂන් සභාවේ සභාපතිවරයා නියෝග කර තිබිණ.

මේ සිද්ධිය වන අවස්ථාවේ කොමිෂන් සභාවේ කටයුතු ආරම්භවී නොතිබුණු අතර වටලප්පන් පාර්සල් 12ක් පමණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම් සිදු කරන ශාලාව තුළට රැගෙන ගොස් ඇති අතර තවත් පාර්සල් කිහිපයක් කොමිෂන් සභාවේ විනිසුරුවරුන් සහ කාර්ය මණ්ඩලය රැඳී සිටින කාර්යාලය තුළට රැගෙන යන අයුරුද මාධ්‍යයට නිරීක්ෂණයවූ අතර මේ පාර්සල් නැවත මුෆ්ති මහතා වෙතට ලැබී ඔහු ඒවා රථයට දමන අයුරුද පසුව නිරීක්ෂණය විය.

මේ වන විට රට තුළ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් කොමිසම තුළට ඇතුළු වන පුද්ගලයන් දැඩි පරීක්ෂාවට ලක් නොවන අතර අධිකරණයකට සමාන කටයුතු සිදු කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණෙන සාක්ෂිකරුවකු එම කොමිෂන් සභාවට වටලප්පන් රැගෙන ඒම පිළිබඳ දැඩි කතාබහක්ද ඇති වුණි.

මේ සිද්ධියෙන් කෙටි වේලාවකින් අනතුරුව කොමිසමේ කටයුතු ආරම්භවූ අතර රිස්වි මුෆ්ති මහතා සාක්ෂි ලබාදීම ආරම්භ කළේය.

Related posts

අණ නොතකා ධාවනය කල මෝටර් රථ දෙකකට නාවික හමුදාව වෙඩි තබයි – එක් අයෙකු මරුට

colombotoday

වරායේ ඇති කිරිපිටි කන්ටේනර් නිදහස් කරගන්න තවමත් සල්ලි නෑ

colombotoday

මේක ඔිනැකමින් කල කූඨ වෑයමක්… ශ්‍රී ලංකාවේ රදවාගත් රුසියාවේ ගුවන් යානය ගැන හිටපු පොලිස් ඇමති සරත් වීරසේකර සිදුකල විශේෂ ප්‍රකාශය…

colombotoday

කෝටි 6ක හෙරොයින් සමග දෙමටගොඩ සුද්දාගේ ගෝලයෙක් අත්අඩංගුවට

colombotoday

ඉන්ධන මිල සංශෝධනයක් අද

Admin

කංචන නිසා තෙල් මිල අඩුකරන්න අමාරුයි, මාලිමාවෙන් ප්‍රකාශයක්

Admin