World

ට්‍රම්ප් – පූටින් අත්වැල්බැදගනී.. ඉස්ලාම් ත්‍රස්තවාදයට උණ ගැනෙන පාඩමක් ළගදීම !

ඉස්ලාම් ත්‍රස්තවාදයට එරෙහිව එක්ව සටන් කළ යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති විලැද්මීර් පූටීන් එකගත්වයකට පැමිණි බව ක්‍රෙම්ලීනය පවසයි.

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළ දැකීම සහ ශෝකය පලකිරීම සදහා රුසියානු ජනපතිවරයා ඇමතූ අවස්ථාවේදී ඇමරිකානු – රුසියානු නායකයන් මෙම එකගත්වයට පැමිණි බව ක්‍රෙම්ලීන ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

මිලෙච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූ අයගේ ඥාතීන් වෙත ඇමරිකානු ජනතාවගේ හෘදයාංම ශෝකය පළ කරන බවත්, ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම සහ ඊට වගකිවයුත්තන්ට යුක්තිය ඉටු කිරීම සදහා රුසියාවට වොෂින්ටනයේ පූර්ණ සහය ලබාදෙන බවද ඇමරිකානු ජනාධිපතිවරයා සදහන් කර ඇත.

ත්‍රස්තවාදයට මර්ධනය කිරීම සදහා ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීමටද දෙරටේ නායකයන් එකග වූ බවද කෙම්ලින් ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කරයි.

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්හි උමං දුම්රියපොළකට ඊයේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් 50 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබීය. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ රුසියානු ජනාධිපති පූටින්ද රුදී සිටියේ පීටර්ස්බර්ග් නගරයේයි. ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා මැදපෙරදිගින් සංක්‍රමණය වූ අයෙකු බව රුසියානු ආරක්ෂක අංශ තහවුරු කරගෙන ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මැදපෙරදිග ඉස්ලාමීය ත්‍රස්තවාදය සම්බන්දයෙන් ඇමරිකාව සහ රුසියාව අනුගමනය කළේ අවස්ථානුකූලව එකිනෙකාට වාසි සහගත  දෙබිඩි පිළිවෙතක් වන අතර,  ඉස්ලාම් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් දෙරටේ නායකයන් එකගත්වයකට පැමිණි පළමු අවස්ථාව ලෙසද මෙය සැළකෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසයි.

 

Related posts

කටාර් ජාතිකයන් සමග සබදතා පැවැත්වුවොත් දැඩි දඩුවම්.. ඔස්ට්‍රේලියා ගුවන් සේවාත් කටාරය අතහරී !

colombotoday

ජිල් බයිඩන් ට කොවිඩ්

Admin

ඉස්ලාම් නොවුණු වරදට සිරුරෙන් වන්දි ගෙවන ‘‘ඉස්ලාම් රාජ්‍යයේ‘‘ ලිංගික වහලියෝ !

colombotoday

ප්‍රංශයේ කෝර්සිකා දිවයිනේ මුස්ලිම් විරෝධී ප්‍රහාරයක්.. කුරාණයත් ගිනි තබයි

colombotoday

බ්‍රිතාන්‍ය නව අගමැති අද දිවූරුම් දෙයි

colombotoday

අන්තර්ජාලයේ දැවැන්තයින් පාකිස්තානයෙන් ඉවත් වීමට සැරසෙයි

colombotoday