කඩදාසි හිඟය නිසා බස්නාහිර පාසල්හි 9, 10 සහ 11 යන ශ්‍රේණිවල වර්ෂාවසාන විභාගය අප්‍රේල් මස නිවාඩුවෙන් පසුව පවත්වන්නැයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පාසල් ප්‍රධානීන්ට දැනුම්දී තිබේ.
බස්නාහිර පළාත් පාසල්හි 6, 7 සහ 8 යන ශ්‍රේණිවල විභාග පහසු ආකාරයකට පවත්වන්නැයිද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පාසල් ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
ප්‍රශ්නපත්‍ර මුද්‍රණයට කඩදාසි නොමැතිකම සහ මුද්‍රණ ගාස්තු ඉහළ නැගීම නිසා ප්‍රශ්නපත්‍ර මුද්‍රණය අවුල් සහගත වී තිබේ.