Colombo Today Local News

හමුදාවට එරෙහිව බේගල් කියූ, එක්නැලිගොඩ බිරියට ඇමරිකාවෙන් සම්මානයක් !

ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමන, 2017 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවට හිමි සම්මානය ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය වන සන්ධ්‍ය එක්නැලිගොඩ විසින් හිමි කර ගෙන ඇතැයි මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

ඇමෙරිකා ජනපති බිරිය මෙලානියා ට‍්‍රම්ප් අතින් ඊයේ (29) වොෂින්ටන් නුවර පැවති උත්සවයකදී සන්ධ්‍යා එක්නැලිගොඩට හිමි සම්මානය පිරිනැමූ බව එම තානාපති කාර්යාලය කීවේය. ඇයට අමතරව ලොව පුරා තවත් කාන්තාවන් 13 දෙනකු ඒ සඳහා තෝරාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ විවිධ ජනවාර්ගික හා ආගමික ප‍්‍රජාවන්ට අයත් පවුල්වල අතුරුදන් වූ අය වෙනුවෙන් වෙහෙස නොබලා ගත් උත්සාහයන් වෙනුවෙන් කළ මෙහෙය අගයමින් ඇයට මෙම සම්මානය ලබා දී ඇතැයි ඇමෙරිකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

මාධ්‍යවේදියෙකු ලෙස පෙනී සිටි ප්‍රගීත් එක්නැලිගොඩ නොහොත් ප්‍රදීප් රංජිත් නමැත්තා කොටි සංවිධානය සමග සමීප සබදතා පැවැත්වූ පුද්ගලයෙකු ලෙස හෙළිදරව් වී ඇති අතර, ඔහු විදේශ රටකට පැන ගොස් ඇති බවටද පසුගිය සමයේ මාධ්‍ය වාර්තා පලවිය.

එක්නැලිගොඩ අතුරුදන් වීම පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේද කතා බහට ලක්වුණු මාතෘකාවක් විය. එහි ප්‍රතිපලයක් ලෙස වත්මන් රජය බලය පත්වූ වහාම, එක්නැලිගොඩ අතුරුදන් කළේ යැයි චෝදනා කරමින් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක්ද අත්අඩංගුවට ගෙන වසරකට වැඩි කාලයක් සිරගත කර තිබිණි.

රාජ්‍ය නොවන සංවිධානයක අනුග්‍රහයෙන්, 2015 අගොස්තු මසදී ජිනීවා නුවරට ගිය සන්ධ්‍ය එක්නැලිගොඩ අවසන් යුද්ධයේදී ශ්‍රී ලංකා හමුදාව රසායනික අවි භාවිතා කරමින් දෙමළ ජනතාව සමූළ ඝාතනය කළ බවට සාවද්‍ය චෝදනාවක් එල්ල කළේය.

Related posts

විදේශ විනිමය සීමා රැසක් ලිහිල් කෙරේ…

Admin

හමුදා බුද්ධි අංශයට විරුද්ධව සාක්ෂි දුන් ලුතිනන් කමාන්ඩර් කේ සී වෙලගෙදර 22 වනදා රටින් පැන ගිහින්

colombotoday

අපි ඉල්ලන්නෙත් නැතුව ලෝක බැංකුවෙන් සල්ලි දුන්නා

Admin

ඉන්දියාවේ යාචකයකු​ගෙන් ලංකාවට ආධාර

colombotoday

රෝහල්ගත සිරකරුවෙකු භාරව සිටි වැලිකඩ බන්ධනාගාර නියාමක ගංජා සමග අත්අඩංගුවට

colombotoday

චම්පික රණවක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

colombotoday