Colombo Today Local News

හොර බැදුම්කර පත්තරේ ‘ජනයුගය‘ නමින් කල එළි බසී !

මහ බැංකුවේ විශාල බැදුම්කර මගඩියක් සිදු කර රාජ්‍ය මුදල් ප‍්‍රකෝටි ගණනක් වංචා කලේයයි චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල් ට‍්‍රෂරී සමාගම විසින් ආරම්භ කිරීමට යන පුවත්පත ‘ජනයුගය’ නමින් නිකුත් කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි.

මෙම පුවත්පත අලූත් අවුරුද්දට පෙර වෙලදපලට නිකුත් කිරීමට නියමිත බවද සදහන්ය.

පුවත්පත වෙනුවෙන් වන අන්තර්ජාල කේතයන් හා ලියාපදිංචි කිරීම් Intergrated Media Network (Pvt) Ltd නැමති සමාගමට ලබාගෙන තිබේ.

දැනට මෙම පුවත්පතේ කාර්‍යමණ්ඩලය රැදී සිටින ස්ථානය වනුයේ නොම්බර 10, කොළඹ 03 යන ලිපිනයේ එනම් ස්වර්ණවාහිනී මාධ්‍යජාලයේ මූලස්ථානය අසල පිහිටා ඇති කලු පැහැති තෙමහල් ගොඩනැගිල්ල වන අතර නුදුරේදීම මෙම පුවත්පත වොක්ෂෝල් වීදියේ ගොඩනැගිල්ලකට ගෙන යාමට නියමිතය.

දැනට ඔවුන්ට අයත් මැතකදී මිලදී ගත් වෙබ් අඩෙවි සහ ෆේස්බුක් පිටුවල ඇඩ්මින්වරු රැදී සිටින්නේද මෙම ගොඩනැගිල්ලේය.

මෙම පුවත්පතේ මුද්‍රණ කටයුතු සදහා නව මුද්‍රණ යන්ත්‍රයක් ගෙනවිත් එය මල්වාන ප්‍රදේශයේ සවිකර ඇති බවත් වාර්තා වන අතර එහි ක්‍රියාකාරීත්වය විමසීමට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු නිතර නිතර එම ප්‍රදේශයේ සැරිසරන බවද වාර්තා වේ.

පුවත්පතේ පූර්ව ප්‍රචාරණය වෙනුවෙන් කොළඹ නගරය පුරා අලවා තිබූ පෝස්ටර්

Related posts

හිස්බුල්ලාට-බදියුදීන්ට එරෙහිව CIDයට බරපතල පැමිණිලි…

colombotoday

ජාතිවාදී – ආගම්වාදී ක්‍රියා මැඩලීමේ බලය පොලිස් ඕ.අයි.සීලාට

colombotoday

“සයිටම් වෙඩිල්ල” නාටකයේ සුලමුල

colombotoday

නව අගමැතිවරයෙක් පත්කරන තෙක් අගමැති මහින්දයි – මහින්ද සමරසිංහ

colombotoday

ජල ගාස්තු මිල සූත්‍රය දෙසැම්බර් සිට ක්‍රියාත්මකයි

Admin

තියුණු කැපුම් තළ 300ක් කැකිරාව වැවකින් මතුවෙයි… ඕනෑම අවස්ථාවක භාවිතයට ග්‍රීස් ගල්වා තිබිලා..

colombotoday