Colombo Today Local News

NGO පදයට නටන, රටට වැඩක් නැති මංගල ඉවත් කරන්න – ජනපතිට යෝජනාවක්

විදේශ ඇමැති ධුරයෙන් මංගල සමරවීර මහතාව ඉවත් කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් කරුණු දක්වන ආචාර්ය දයාන් ජයතිලක මහතා ප්‍රමුඛ එම විද්වත් මණ්ඩලය ජනාධිපතිවරයාට යෝජනාවක් යොමු කර ඇතැයි වාර්තා වේ.

‘රණවිරුවන්’ පාවා දීමට කටයුතු කිරීම, යුද්ධයේ ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්නට අපහාස කිරීම, හයිබ්‍රිඩ් අධිකරණයට විරෝධයක් නොදැක්වීම, 2015 දී සම අනුග්‍රාහක (Co-sponcer) යෝජනාව පිළිගැනීම ඇතුළු චෝදනා කිහිපයක්ම ඒකාබද්ධ විපක්ෂය විදේශ ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇත.

එමෙන්ම විදේශ ඇමැතිවරයා ජිනීවා හි දී පොරොන්දු වූ මානව හිමිකම්වලට අදාළ කරුණු මෙරට දී ඉටු කිරීමට හැකි යාන්ත්‍රණයක් නැති බවත් මෙරට ජනතාවගේ ආකල්ප අනුව එය ප්‍රායෝගික නැතැයි ද ඔවුන් විසින් පෙන්වා දෙයි. එමෙන්ම ඇමැතිවරයා රාජ්‍ය නොවන සංවිධානවල මතයට යට වී ඇති බවත් ඔවුන් අවධාරණය කර ඇත.

Related posts

කුලියට ගෙයක් ඉල්ලා ඇවිත් හිමිකාරියට කණකරත් අහිමි කල එකම පවුලේ හොරු

colombotoday

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා වාර්තාව සභාගත කිරීම හෙට

colombotoday

ශෂී වීරවංශට එරෙහි නඩුවේ විභාගය මැයි 2ක

Admin

සහකාර පොලිස් අධිකාරීවරුන් 16ක් පොලිස් අධිකාරී නිලයට

colombotoday

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කතානායක හමුවෙයි

colombotoday

බස්නාහිර, සබරගමුව, මධ්‍යමට තද වැසි.. ඇහැළියගොඩ අවදානම් කළාපවලින් වහා ඉවත්වෙන්න !

colombotoday