Colombo Today Local News

පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ පොලිස් අත්අඩංගුවට

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (30)දින රාත්‍රියේ කොළඹ තරු පහේ හෝටලයක දී උපන්දින සාදයකට සහභාගී වීම හේතුවෙනි.

නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔවුන් ව කොළඹ කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේ දී එම සාදයට පැමිණි 12දෙනෙකු පමණ මේ වන විට හඳුනාගෙන තිබේ.

මේ අතර එම සාදයට පුද්ගලයින් 25 – 30 ත් අතර ප්‍රමාණයක් පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සෙසු පිරිස හඳුනාගැනීමට CCTV දර්ශන මේ වන විට පරීක්ෂා කරමින් සිටින බවත් පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, අත්අඩංගුවට පත් සැකකාරිය හා සැකකරු කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද කියා සිටියේය.

සෞඛ්‍ය උපමාන උල්ලංඝනය කිරීමට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 264 වගන්තිය යටතේ ඉදිරියේදී චෝදනා ගොනුකිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

“අපි අපේ රටේ නීති හදන්නෙ අපිට ගැලපෙන විදිහට” පොලිස් ඇමති කියයි

Admin

ජනපති මෛත්‍රීගෙන් ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට ලිපියක්…

colombotoday

දේශපාලන බලවතුන් අසූවක් මධූෂ් එක්ක ජාවාරම්වල – පරීක්ෂණවලදී හෙළිවෙයි

colombotoday

ෂැංග්‍රීලා බෝම්බකරුගේ තඹ කම්හලේ 9 දෙනෙකුට ඇප ලැබෙයි.

colombotoday

ශ‍්‍රී ලංකාවේ අන්තිම රජු කියාගෙන කනගරාජා නමැත්තෙක් ජිනීවා එයි

colombotoday

විග්නේෂ්වරන් මහ ඇමතිකමින් ඉවතට !

colombotoday