Colombo Today Local News

රෝහල් 55 කට සුළු සේවා පාලක පත්වීම් 108 ක්

රෝහල් 55 ක වසර කීපයක සිට පුරප්පාඩුව පැවැති සුළු සේවා පාලක පත්වීම් 108 ක් සෞඛ්‍ය අමාත්‍යංශයේ රෝහල් ඕවසියර් තුන්වැනි ශ්‍රේණියේ පත්වීම් ලෙස ප්‍රදානය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සුළු සේවක පාලක තනතුරු 348 ක් පැවතිය ද වසර ගණනාවක් තනතුරු 240 කින් සෞඛ්‍ය සේවය ක්‍රියාත්මක වූ බවත් එම අඩුව පුරවමින් මෙම පත්වීම් 108 ලබාදුන් බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශය පසුගිය වසරේ ඔක්තෝබර් මස පැවැත්වූ තරග විභාගයේ ප්‍රතිඵල සහ යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරීක්‍ෂණයේ ප්‍රතිඵල මත පත්වීම් ලබාදුන් බවත් නිදහස් සෞඛ්‍ය රැකීමේ හැකියාව දියුණු කිරීම සඳහා කැපවන සේවකයන්ගෙන් සමන්විත පිරිස් බලයක් තිබිය යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් එම සුළු සේවා පාලක පත්වීම් ප්‍රදාන කර ඇත.

Related posts

බස්නාහිර පළාතේ විදුලි කණු, දුරකථන කණුවල ඇති බැනර් සහ කටවුට් ඉවත් කරන ලෙස නියෝග

colombotoday

පාස්කු ඉරිදා සියලු දේවස්ථාන ආවරණය වන පරිදි 12000ක බළඇණියක්

colombotoday

“පුත්තලමේ අපි බූරුවෝද ?“ – ඇමති අසයි !

colombotoday

රාජ්‍ය මර්දනයට එරෙහිව ඒකාබද්ධ විරෝධය අද : විරෝධයට ජවිපෙ එන්නෙ නැහැ

Admin

ආංශික අධීක්ෂණ කාරක සභා මන්ත්‍රී නාමලේඛනය මැතිසබයට

Admin

ජනපති අද ජාතිය අමතයි !

colombotoday