ඉන්දියාවේ බෙංගාලයේ පනිහාති මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ත්‍රිනාමුල් කොංග්රස් මන්ත්‍රීවරයකු වන අනුපම් දත්තා නමැති අයෙකු බවය.
අදාළ වෙඩි තැබීම සිදුව ඇත්තේ බටහිර බෙංගාලයේ පනිහාති මහනගර සභා බල ප්‍රදේශයේ උතුරු පර්ගනාස් ප්‍රදේශයේදීය.
බලධාරීන් පවසන්නේ මේ වනවිට වෙඩිතැබීම සිදුකළ සැකකරු මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බවය.
එම වෙඩි තැබීමේ අවස්ථාව ඒ අසල පිහිටි CCTV කැමරාවක සටහන්ව තිබේ.