World

රටවල් රැසකින් රුසියාවට එරෙහිව සම්බාධක පනවයි

රුසියානු-යුක්රේන අර්බුදය හේතුවෙන් යුරෝපා සංගමය සහ ලෝකයේ බොහෝ රටවල් රුසියාවට එරෙහිව සම්බාධක පනවනු ලැබූහ. සම්බාධක වලට අමතරව ලෝකයේ ප්‍රසිද්ධ සමාගම් ද රුසියාවේ තම මෙහෙයුම් කටයුතු නතර කරන බවට නිවේදනය කළේය.

ආහාර ක්ෂේත්‍රයේ දැවැන්තයන් වන මැක්ඩොනල්ඩ් සමාගම රුසියාවේ තිබෙන ඔවුන්ගේ ශාඛා 850 ක් තාවකාලිකව වසා දමන බවත්, බර්ගර් කිංග් නව ආයෝජන සිදු නොකරන අතර ශාඛා ජාලය ව්‍යාප්ත නොකරන බවත්,ස්ටාර් බකස් අවන්හල් 130 තාවකාලිකව වසාදමන බවත්, කේ.එෆ්.සී, ටකෝ බෙල් සහ පීසා හට් අවන්හල් තවදුරටත් නව ආයෝජන සිදු කිරීම හෝ අවන්හල් ජාලය ව්‍යාප්ත නොකරන බවත්, කේ.එෆ්.සී සහ පීසා හට් අවන්හල් තාවකාලිකව වසා දමන බවත්,කොකා කෝලා සමාගම රුසියාවේ සියලුම් මෙහෙයුම් නතර කරන බවත්,පෙප්සි කෝලා සමාගම තම නිෂ්පාදන විකිණීම තාවකාලිකව අත් හිටුවන බවත්, කර්ල්ස්බර්ග් සහ හයිනකන් බියර් රුසියාව තුල අලෙවි කිරීම නතර කරන බවත් නිවේදනය කළහ.

අන්තර්ජාලය තුල මුදල් ගෙවා චිත්‍රපට සහ කථා නැරඹිය හැකි නෙට් ෆ්ලික්ස්,වෝර්නර් බ්‍රදර්ස්,වෝල්ට් ඩිස්නි සහ සෝනි වෙබ් අඩවි නව නිර්මාණ ඇතුලත් කිරීම තාවකාලිකව නතර කර ඇති අතර රුසියාව පදනම් කරගනිමින් සිදුවන නව නිර්මාණ නිෂ්පාදනය ද තාවකාලිකව නතර කර ඇත.

ලෝ ප්‍රකට සෝනි ප්ලේ ස්ටේෂන් වීඩියෝ ගේම් කොන්සෝල් විකිණීම සහ වීඩියෝ ගේම් ක්‍රීඩා විකිණීම රුසියාව තුළ තාවකාලිකව අත්හිටුවා ඇත. එසේම ඇපල්, මයික්‍රෝසොෆ්ට් සහ අයි.බී.එම් නිෂ්පාදන රුසියානු වෙළඳපොලට නිකුත් කිරීම සහ විකිණීම තාවකාලිකව අත් හිටුවා තිබේ.

Related posts

ලන්ඩනයට ත්‍රස්ත ප්‍රහාරයක්…!!! – Live

colombotoday

ජගත් ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි

Admin

ෆිදෙල් කස්ත්‍රෝගේ පුතා සිය දිවි නසා ගනී..

colombotoday

ඊශ්‍රායල – හමාස් ගිනිසිළු මැද උන්හිටිතැන් අහිමිවුණු පලස්තීන දරුවන් මිලියනයක්

Admin

ඇල්ජීරියාවේ රිය අනතුරකින් 34ක් මරුට

Admin

නවසීලන්තයෙන් තවත් කොවිඩ් රැල්ලක් මතුවේ !

colombotoday