Colombo Today Local News

ගමන්ගත් රිය ප්‍රපාතයකට පෙරළී ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න (75) මහත්මිය ගමන් ගත් වැන් රථය ප්‍රපාතයට පෙරලිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇති බව ලිදුල පොලිසිය පැවසිය.

(31) දින අලුයම 12.10 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිදුල නගරය ආසන්නයේදිය.

රූගත කිරිම් අවසන් කර රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න මහත්මියව නුවරඑලිය සිට කොළඹ දක්වා රැගෙන යන අතරතුර වැන් රථය ලිදුල නගරය ආසන්නයේදි මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 පමණ ප්‍රපාතයෙන් වු කොත්මලාඔය දෙසට පෙරලි මෙම අනතුර සිදු වි ඇත.

අනතුර සිදුවිමත් සමග ලිදුල පොලිසියේ නිලධාරින් රිය අනතුර සිදු වු ස්ථානයට ගොස් රංගන ශිල්පිනිය රෝහල් ගත කරනවිට ඇය ජිවිතක්ෂයට පත් ව සිටි බවයි පොලිසිය කියා සිටියේ.

වැන් රථයේ රියදුරාට කිසිදු තුවාලයක් සිදු වි නොමැති අතර , වැන් රථයේ රියදුරාව ලිදුල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
රියදුරාට නින්ද යාම නිසා මෙම අනතුර සිදු වි ඇති බවත්, අත්අඩංගුවට ගත් රියදුරා නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි ලිදුල පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් මිය ගිය නිලියගේ සිරුර ලිදුල ප්‍රාදේශිය රෝහලේ තැන්පත් කර ඇති අතර , සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන ලිදුල පොලිසිය පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Related posts

2012 ලංකාවට බාල පෙට්රෝල් ගෙනා සමාගමට පෙට‍්‍රල් බැරල් 900000 ක කොන්ත්‍රාත්තුවක් කබීර් හෂීම් දෙයි

colombotoday

පාන්, බනිස් ඇතුළු පිටි කෑම රුපියල් පහකින් ඉහළට…

colombotoday

සුදුලූනු වංචාව සම්බන්ධයෙන් කටඋත්තර ලබා දෙන්න CIDයට ආ සිව්දෙනෙකු අත්අඩංගුවට

colombotoday

ආනයන භාණ්ඩ 367 කට පැනවූ තහනම දීර්ඝ කෙරේ…

colombotoday

පොලිසිය පිට පාරෙන් ගම් වදී! දෙවුන්දර පාතාලයට නිල නොවන මැර තර්ජන?

colombotoday

රවී ජනපති හමුවෙයි.. බැදුම්කර මගඩිය ගැන සියළු රහස් හෙළි කරයි !!!

colombotoday