Colombo Today Local News

රුපියල තවත් බාල්දු වෙනහැටි

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය අද (31)දින 202 සීමාව ඉක්මවා පහළ ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය අද (31)දින රුපියල් 202.04ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 197.62ක් ලෙසත් දැක්විණි.

මීට පෙර පසුගිය වසරේ අප්‍රේල් (8) වැනිදා මෙරට ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය 200 සීමාව ඉක්මවා පහළ ගියේය.

ඉන් අනතුරුව ඉකුත් දා (16) නැවත වරක් 200 සීමාව ඉක්මවා පහළ ගියේ ය.

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය ඉකුත් (17) වැනිදා 201 සීමාව ඉක්මවා පහළ ගියේය.

මේ අතර මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 26 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6.1 කින් අවප්‍රමාණය වී ඇත.

Related posts

සජිත්ගේ මැතිවරණයට ගිය වියදම රනිල් ඉල්ලයි !

colombotoday

අරගල භූමියේ ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බවට නීතිපතිගෙන් ප්‍රතිඥා

colombotoday

ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන්න උළමා සභාවට රාජ්‍ය අනුග්‍රහය?

colombotoday

බස් ගාස්තුව සීයට 10 කින් වැඩිකළේ නැත්නම් 24 දා රෑ සිට වර්ජනයක්

colombotoday

සති අන්තයේ දිවයින පුරා ඇදිරි නීතිය පැනවීමක් නැහැ

colombotoday

අම්පාර අට්ටාලචේනයේදී රිශාඩ් හකිම් කඩුවලින් ගැටෙති

colombotoday