Colombo Today Local News

ඩීසල් මෙට්‍රික් ටොන් 38,000 ක් ගොඩබායි

තවත් නෞකාවක ඇති ඩීසල් ගොඩ බෑමේ කටයුතු අද ආරම්භ කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය සඳහන් කරන්නේ, එම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 38,000ක් ඇති බවයි.

එම ඩීසල් වෙළඳපොළට බෙදා හැරීමේ කටයුතු කඩිනමින් සිදු කරන බව ඇය ප්‍රකාශ කළා ය.

මේ අතර දෛනිකව වෙළඳපොළට නිකුත් කරන ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 9000 දක්වා ඉහළ නංවා තිබේ.

ඒ ඩීසල් සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමිනි.

තවත් ඩීසල් නෞකා කිහිපයක් මෙරටට සේන්දුවීමට නියමිතව ඇති අතර ඒ සමග දැනට පවතින ඩීසල් හිඟය ක්‍රමයෙන් පහව යනු ඇතැයි බලශක්ති අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

Related posts

හරීන් අත්අඩංගුවට ගත්තොත් හිරේ යන්න සජිත් සූදානම්

colombotoday

මේ පාවාදීම 1815 දී කළ මහා පාවාදීමට දෙවනි නැහැ

colombotoday

ජපානයේත් ප්‍රබල භූ කම්පනයක්

Admin

වහබ්වාදී උලමා සංගමය ජනපතිට සුභ පතයි. එකට වැඩ කිරීමටත් සූදානම බව කියයි.

colombotoday

“මම කියපු දේ ජය ගත්තා – බොහොම කණගාටුයි”

colombotoday

ද්‍රවිඩ සන්ධානය දෙකඩ කරමින් විග්නේශ්වරන් ඉවත්වේ ?

colombotoday