Colombo Today Local News

පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉවත්කර ගන්න

පාරම්පරිකව කෘෂිකර්මාන්තය සඳහා යොදාගත් ඉඩම්වල අඛණ්ඩව වගාකිරීම සඳහා ගොවීන්ට අවස්ථාව සලසන’ නව නීති ක්‍රියාත්මක කිරීමත්, පැරණි චක්‍රලේඛ යටතේ පවරා ඇති නඩු ඉල්ලා අස්කර ගන්නා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

එම තීරණය ගෙන ඇත්තේ “ගම සමග පිළිසඳර” වැඩසටහන යටතේ ජනතාව කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනි.

මේ අනුව වනජීවී, වන සංරක්ෂණ, පරිසර,ඉඩම් ඇතුළු දෙපාර්තමේන්තු හා ආයතන වලට ජනතා යහපතට ඉවහල් වන අයුරින් නව නීති සැකසීමට පියවර ගන්නා ලෙස ජනදිපති වරයා උපදෙස් දී ඇත.

වසර ගණනාවක් රාජ්‍ය ආයතන සමග නඩු කියමින් පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීමට එම තීරණය ගෙන තිබේ.

තවද ගැටළු නිරාකරණය කර අවසන් වරට සැකසු ඔප්පු 17,000කට තමා ඊයේ වන විට අත්සන් කර ඇති බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

ඒ සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනය පහතින්,

Related posts

ජන්නධිපතිවරණය ලබන ඔක්තොම්බරයේද?

Admin

“අපට කරන්න දෙයක් නෑ“ කොටි සැමරුම් ගැන ආරක්ෂක ලේකම් නිල මතය කියයි !

colombotoday

උතුරු පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රීවරයෙක් පැහැරගන

colombotoday

පොලිස්පති ගැටලුව ගැන මැතිවරණ කොමිසමෙන් තීරණයක්

Admin

මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසිය ගැන ශ්‍රීලනිපයේ මතය කියයි

colombotoday

කලකිරුණු අලින් සමග තිස්ස අලුත් යූඇන්පියක් හදයි

colombotoday