Colombo Today Local News

කොටියා කෑ ගොවියෙකු මරුට

අම්පාර දිස්ත්‍රික්කයේ පානම පොලිස් වසමට අයත් හැලව ප්‍රදේශයේ කුඹුරක රාත්‍රියේ පැල් රකිමින් සිටි ගොවියෙකු, කොටියෙකු විසින් සපාකෑම හේතුවෙන් මියගොස් ඇති බව පානම ‍පොලීසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ හීන්අප්පු අබේසිරි නැමති 56 හැවිරිදි ගොවියෙකි.

සිද්ධිය වන අවස්ථාවේ ඔහු සමඟ තවත් අයෙකු පැලේ සිට ඇත. කොටියා විසින් එම ගොවියා සපා කා සිරුර ඩැහැගෙන යාමට තැත් කරන විට දිවිගලවා ගත් පුද්ගලයා කෑගසා කොටියා පලවාහැර ‍සිරුර රැගෙන යාම වළක්වාගෙන ඇති බව අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධව පානම පොලීසිය විසින් පොතුවිල අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර ස්ථානීය පරීක්ෂණයක් සිදුකර ඇත.

මෘත ශරීරය මේ වනවිට පොතුවිල රෝහ‍ලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

Related posts

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්ගෙන් CIDය ප්‍රකාශ සටහන් කර ගනී

colombotoday

අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට බැසිල්ගෙන් සැලසුම්

colombotoday

සීතාවක පොඩ්ඩාගේ සමීපතමයින් දෙදෙනෙකු අවිස්සාවේල්ලේදී අත්අඩංගුවට

colombotoday

බෝ රුක්ෂයේ අතු කැපූ හයක් අත්අඩංගුවට

Admin

උසස් පෙළ සහ ශිෂ්‍යත්වය කල් දමන්නේ නැහැ – අධ්‍යාපන ඇමති

colombotoday

නිදහසට කාරණා වැඩක් නෑ… වෙන රටකනම් රොත්ත පිටින්ම ඉල්ලා අස්වෙනවා – ‍ෆොන්සේකා ආණ්ඩුවේ රෙදිපිළි ගලවා දමයි…

colombotoday