Colombo Today Local News

මාතලේ මහ රෝහලේ වාට්ටුවකුත් වැසේ

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ 12 වාට්ටුව අද (31)දිනයේ සිට තාවකාලිකව වසා දමා එම වාට්ටුවේ රෝගීන් වෙනත් වාට්ටුවකට යොමු කර එම වාට්ටුව විෂබීජ හරණය කිරීමට පියවර ගෙන ඇතැයි මාතලේ දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂක අසේල දිසානායක මහතා පැවසීය.

ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකුට හා රෝහලේ පිරිසිදු කරනු ලබන පුද්ගලයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

මීට දින දෙකකට පෙර (29) දින මාතලේ රෝහලේ රෝගියෙකු අසළ නැවතී ඔහුට සාත්තු සේවය කරමින් සිටි කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයෙකු කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. ඒ සමග රෝහල් කාර්ය මණ්ඩලය හා රෝගීන් පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කර ඇති අතර, එහිදී සාත්තු සේවයේ යෙදී සිටි පුද්ගලයා, සේවය ලබා දුන් රෝගියා හා රෝහලේ පිරිසිදු කිරීමේ නියුතු වු සේවකයෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම පුද්ගලයින් දෙදෙනා මහනුවර දිගන කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කරනු ලබන රෝහල වෙත යොමු කර තිබේ.

තාවකාලිකව වසා දමා ඇති වාට්ටුව විෂබීජහරණය කර නැවතත් රෝගීන් ඇතුලත් කරන තුරු වෙනත් වාට්ටුවකට රෝගින් යොමු කර ප්‍රතිකාර කරන බව අධ්‍යක්ෂකවරයා පැවසීය.

Related posts

අකුරටියේ නන්ද හිමිට පිළිතුරක්

colombotoday

වාහන වෙන්දේසියේ

Admin

ලංකාවේ පුනර්ජනනීය බලශක්ති වැඩසටහනට එක්සත් ජනපද නියෝජිතායතනයෙන් ඩොලර් මිලයන 19ක්

colombotoday

තුනට කැඩුනු ගෑස් සිලින්ඩරය

Admin

CID නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට පළමුවරට කාන්තා නිලධාරිනියක්

colombotoday

නීතිය කාටත් එකයි කියන රටේ ඇමතිකම් කරන බදියුදීන් මන්නාරමේදී නීතිය නිරුවත් කළ හැටි මෙන්න

colombotoday