World

IS – K මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට අමෙරිකාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

කාබුල් ගුවන්තොටුපොලේ සිදුවීමට ගිය තවත් දරුණු මරාගෙන මැරෙන ප්‍රහාරයක්, සිය ඩ්‍රෝන ප්‍රහාරයකින් වළක්වා ගැනීමට හැකිවූ බව අමෙරිකාව පවසයි.

අයිඑස් සංවිධානයේ ඇෆ්ගන් ශාඛාව වන IS – K ත්‍රස්තවාදී කණ්ඩායමට අයත් මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් රැගත් වාහනයකට එලෙස ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළ බව ඔවුන් සඳහන් කරයි.

එම බෝම්බකරුවාගේ ඉලක්කය වී තිබුණේ කාබුල් ගුවන්තොටුපොළ බව අමෙරිකානු හමුදා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඇෆ්ගනිස්තානයේ සිදුවීමට අදාළව අයිඑස් ත්‍රස්තවාදීන් ඉලක්ක කරමින් අමෙරිකාව දියත් කළ දෙවන ප්‍රහාරය මෙය වේ.

ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන්තොටුපොළට නැවතත් මාරාන්තික ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අමෙරිකාව ඊයේ අනතුරු ඇඟවා තිබුණි.

රටින් පළායන ඇෆ්ගන් වැසියන් මුදාගැනීමේ අමෙරිකානු මෙහෙයුම හෙටින් අවසන් වීමට නියමිතය.

අවසන් මොහොත දක්වාම පුද්ගලයන් මුදාගැනීම සිදුකරන බව අමෙරිකාව නිවේදනය කර තිබේ.

මේ අතර ඩෙලවෙයර් හි පිහිටි ඩෝවර් ගුවන් හමුදා කඳවුර වෙත ගිය අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, කාබුල් ප්‍රහාරයෙන් මියගිය අමෙරිකානු හමුදා භටයන්ට ගෞරව දැක්වා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයෙන් මියගිය සෙබළුන් 11 දෙනෙකුගේ මෘතදේහ එම අවස්ථාවේදී කඳවුර වෙත ගෙනැවිත් ඇත.

ජනාධිපතිවරයා සහ බිරිඳ මෙහිදී මියගිය හමුදා සෙබළුන්ගේ ඥාතීන් හමුවූ බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

Related posts

කොරෝනා දේවතාවිය ඉන්දියාවේ කෝවිලකට වඩියි. ජනතාව පුජාවට්ටි ගෙන පොරකමින් වදියි.

colombotoday

ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම. ස්පාඥ්ඥ මුස්ලිම් ප්‍රජාවේ ඉහලම නායකයාගෙන් පොලිසිය ප්‍රශ්න කරයි

colombotoday

දිල්ලි පුරවරය අදුරු වෙයි.

colombotoday

මයික්‍රොසොෆ්ට් සේවාවන් කිහිපයක් ඇනහිටියි – සේවාලාභීන් විශාල පිරිසක් අපහසුතාවයට

Admin

සෙනසුරාදා රාත්‍රී 12 ට පෙර මව් රටට එන්න. ඕස්ට්‍රේලියා රජය තම පුරවැසියන්ගෙන් ඉල්ලයි

colombotoday

ඉලක්කය ෂියා මුස්ලිම්වරුන්.. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම ISIS බාර ගනියි.

colombotoday