Covid 19

දඹුල්ලේ කොරෝනා රෝගින් වාර්තාවීම ඉහළට | ප්‍රා. සභාවේ උප සහාපතිටත් කොරෝනා

දඹුල්ල ප්‍රාදේහිය සභාවේ උප සහාපති එල් බි හේරත් මහතාට හා පවුලේ කීප දෙනකොට කොරෝනා වෛරසය ආසාදිත බව ඊයේ ( 29)දින හදුනා ගැනිමත් සමග දඹුල්ල ප්‍රාදේශිය සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ද සභාවේ සේවකයින් ද කොරෝනා අවධානමක ඇතිබව වර්තා වේ.

කොරෝනා ආසාදනය වූ උප සභාපති වරයා ඒ වන විට කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇත. කොරෝනා ආසාදිත උප සභාපති වරයා පසුගිය (27වනදා) පැවැති ආණ්ඩුපක්ෂ මන්ත්‍රී රැස්වීමට හා පක්ෂ විපක්ෂ මන්ත්‍රී හා නිලධාරින් සම්බන්ධ වු මුදල් කමිටු රුස්වීමටද සහභාගි වි ඇත. එසේම මන්ත්‍රීවරුන් කීප දෙනකු හා සභා සේවකයින් කීප දෙනෙකු සමග පසු ගිය 28 වෙනිදා අවමංගල උත්සවයකටද උප සභාපතිවරයාගේ වහනයෙන් ගමන්කර ඇති බවද වාර්තාවේ.

මේ පිළිබදව අදහස් දැක්වු දඹුල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති කේජි සෝමතිලක මහතා පැවැසුවේ සියලු රැස්වීම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අඅනුගමනය කරමින් පැවැති බවත් මෙම තත්වය හමුවේ ආශ්‍රිතයින් ස්වයන් නිරෝධායනය වෙන බවත් ඉදිරි ක්‍රියා මාර්ග සෞඛ්‍ය නිලධාරින්ගේ උපදෙස් අනුව සිදුකරන අතර දැනට සාමාන්‍ය පරිදි සභාවේ කටයුතු සිදුකරන බවත්ය.

මේ අතර ස්ථාන කීපයක සිදුකල කොරෝනා පරික්ෂණ වලින් කොරොනා රෝගින් රැසක් ගම් කීපයක හදුනාගෙන ඇති අතර දඹුල්ල නගරයෙන් පසුගිය දින තුන තුලදි රොගින් 62ක් වාර්තා වී තිබේ. ඔවුන් අතරින් 27 දෙනෙකු දඹුල්ල නගර සීමේ පෞද්ගලික ආයතනක( පොලිසැක්) බවත් ඉතිරි රෝගීන් වෙනත් ස්ථාන වලදි හදුනාගෙන ඇති බවත් පැවසේ. මේ වනවිට කොරොනාඅ රොගිතත්වය නිසා දඹුල්ල නගර සීමාවේ පමණක් රොගින් 92ක් ප්‍රථිකාර ගන්නා බවද සෞඛ්‍ය අංශ පවසයි.

මේ අතර දඹුල්ල රොහලේ කොරෝනා රොගින් විශාල පුමාණයක් ප්‍රථිකාර ගන්නා බවත් එය රොහලේ ධාරිතාවට වැඩිබවත් රොහල් ප්‍රකාශකයෙකු පැවසුවේය.

කොරෝනා රොගින් හදුනා ගැනිම නිසා දඹුල්ල ආර්ථික මද්‍යස්ථානයේ වෙළදසැල් 4ක් වසා දැමීමට ඊයේ දිනයේ කටයුතු කල අතර ආර්ථික මද්‍යස්ථානයේ ඉතිරි වෙළදසැල් 140ය විවෘතව පවතින අතර සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යන බව දඹුල්ල ආර්ථිකයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා පැවසීය.

මහින්ද උදයසිරි දඹුල්ල

Related posts

බන්ධනාගාර රැඳවියන් 16,000කට කොවිඩ් මර්දන එන්නත

colombotoday

නිරෝධායනය මගහැරි ඉතාලියෙන් ආ 170ක් රට පුරා නිදැල්ලේ !

colombotoday

23වන කොවිඩ් මරණය වාර්තා වෙයි.

colombotoday

25 වනදා ලඟම ඇති වෙළඳ සැලට ගොස් භාණ්ඩ ලබාගැනීමට ජනතාවට අවස්තාව.

colombotoday

අටළුගම මාරාව තැපැල්පතිනියට – බාල පුතුට කොරෝනා

colombotoday

ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන සිඝ්‍රයෙන් ඉහළට

colombotoday