Colombo Today Local News

ගිරිබාව රෝහල තාවකාලිකව වසා දමයි

කොරෝනා වෛරසය ආසාධිත රෝගියකු මරණයට පත්විමත් සමග ගිරිබාව රෝහල තාවකාලිකව වසා දැමිමට කටයුතු කළ බව වාර්තා වේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ වරාවැව පදිංචි 68 හැවිරිදි කාන්තාවකි.

අදාල කාන්තාව දින කිපයකට පෙර කැස්ස හා සෙම් රෝගයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනිමට ගිරිබාව රෝහලේ නේවාසිකව සිටි ඇත.

ගිරිබාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම කාන්තාව අසාධ්‍යවීමත් සමග තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මරණයට පත්ව ඇත.

එහිදි සිදුකල ඇන්ටිජන් පරික්ෂණයකින් මෙම කාන්තාව කොරෝනා ආසාධිතව සිටි බවට සනාථ වි ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මරණයට පත් වූ කාන්තාව හේතුවෙන් ගිරිබාව රෝහලේ නේවාසිකව සිටි රෝගින් වෙනත් ආසන්න රෝහල් වෙත මාරු කර යැවීමට කටයුතු කර ඇති අතර රෝහලේ ‍සේවකයන් 30 කට ආසන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කර කර නිරෝධායනය කර ඇත.

Related posts

අගමැති රනිල් 2020 ජනපති කරවීමට අපකැප වෙනවා – කවින්ද ජයවර්ධන

colombotoday

හේෂා අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කෙරේ

Admin

යාපනයෙන් කොළඹ ආ සැප බස් රිය අළු වෙයි

Admin

සඳුදාට පෙර වැඩ අරඹන්න.. දිවුරුම් දුන් ඇමතිවරුන්ට දැනුම් දීමක්

colombotoday

දේශීය සහලට, බාල රට සහල් කලවම් කර විකිණීමේ ජාවාරමක් !

colombotoday

15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීම : අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුලු 4කට ඇප

colombotoday