මේ දවස්වල ෆේස්බුක් එකේ ප්‍රසිද්ධම කෙනා තමයි චතුර සේනාරත්න මන්ත්‍රී තුමා. මන්ත්‍රීතුමාගේ කතා අහපු ගොඩක් අය කියල තිබුණේ, බන්දු ටෙනීලාට විශ්‍රාම ගන්න දැන් කාලෙ හරි කියලයි. කොහොම වුණත් ඒ කියපු කතා ගැන ඊයේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුණේ‘ වැඩසටහනේදී චතුර කතා කරා.
තමන් කියපු හැම දෙයක්ම ඇත්තම ඇත්ත බවයි චතුර කියන්නෙ. පෙරපාසල් කාලෙදිම තමන් දේශපාලන පරිචයක් ලබා තිබුණු බවත්, සාමාන්‍ය ළමයෙකු සමග තමන් සංසන්දනය කරන්න එපා කියලත් චතුර එයාට හිනා වෙන අයට කියනවා. ඒ විතරක් නෙවෙයි එයා තරම් දේශපාලන පරිචයක් තියන කෙනෙක් වත්මන් ශ්‍රී ලාංකිය දේශපාලනයේ නෑ කියලයි එයා කියන්නෙ.