Colombo Today Sports News

ජෛව ආරක්ෂණ බුබුලෙන් පිට ගිය මෙන්ඩිස්ට, දික්වැල්ලට සහ ධනුෂ්කගේ තරග තහනම වසරකින් අඩු කර දඩය කෝටියක් කරයි

එංගලන්ත සංචාරයේදී විනය කඩ කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට විශේෂ පංච පුද්ගල විනය කමිටුව පනවූ දඩුවම සංශෝධනය කරමින් ක්‍රිකට් තහනම වසරකින් අඩු කර දඩය ලක්‍ෂ 50 කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළේය.

විනය කමිටුව පැනවූ ඩොලර් 25,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 50 බැගින් වූ දඩය රුපියල් කෝටිය (ලක්‍ෂ 100 ක) බැගින් ලෙස ඉහළ දමා ඇති අතර වසර දෙකක තහනම වසරක අන්තර්ජාතික ක්‍රිකට් තහනමක් ද, මාස හයක දේශීය තරග තහනමක් ද ලෙස සංශෝධනය කර තිබේ.

මෙම ක්‍රීඩකයන් තිදෙනාගේ වසරක අන්තර්ජාතික ක්‍රිකට් තහනම අවසන් වූ පසු වසර දෙකක අත්හිටුවූ තහනමක් ක්‍රියාත්මක වන අතර එය ක්‍රිකට් ක්‍රීඩා කිරීමට බලපෑමක් නොකරයි.

වරදකරුවන් වූ කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කරන මනෝවෛද්‍යවරයකුගේ උපදෙස් සඳහා යොමු විය යුතුය.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයකු පැවසුවේ එම ක්‍රීඩකයන් තිදෙනාගේ ක්‍රිකට් දිවිය පිළිබඳව අවදානය යොමු කරමින් ක්‍රිකට් තහනම පමණක් අඩු කිරීමට පියවර ගත් බවයි.

Related posts

කළමනාකාරිත්වය විවේචනය කරමින් මොහොමඩ් අමීර් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙයි

colombotoday

කුසල්, ධනුෂ්ක, දික්වැල්ල ගේ තරග තහනම ඉවත් කෙරේ

colombotoday

ශ්‍රීලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් ගැටුම අද පල්ලේකැළේ දී ඇරඹේ

colombotoday

දෙවන එක්දින තරගයෙනුත් ලංකාවට දැවැන්ත පරාජයක්

colombotoday

රොනාල්ඩෝ සෞදියේ නීතියක් කඩකරයි

Admin

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය දින 4කින් කල් යයි

colombotoday