Covid 19

ඇල්ෆා ප්‍රභේදයෙන් ගැබිණි මව්වරු 12ක් මරුට | අලුත් කොවිඩ් සතුරෙකුත් සමාජයේ කැරකෙයි

ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළහොත් තවත් සති දහයක කාලයක් තුළදී මෙරට ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය බවට ඩෙල්ටා ප්‍රභේදය විය හැකි බව කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

විශේෂඥ වෛද්‍යවරු ඇතුළු මහාචාර්ය නීලිකා මලවිගේ මෙම ප්‍රභේදය ව්‍යාප්ත විය හැකි බවට අනතුරු අඟවා ඇති බවද මාධ්‍යට අදහස් දක්වමින් ඇමැතිවරිය ප්‍රකාශ කළාය.

මේවන විට ඇල්ෆා ප්‍රභේදය ආසාදිත වීමෙන් වැඩි වශයෙන් මියගොස් තිබෙන්නේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ය.

ඇල්ෆා ප්‍රභේදය ආසාදිත වීමෙන් ගර්භණී මව්වරු 12 දෙනකු මියගොස් ඇති බව පැවසූ ඇමැතිවරිය, තවමත් කොවිඩ් අවධානම පහව ගොස් නොමැති බවත් අලුත් කොවිඩ් සතුරෙකු සමාජයේ කැරකෙමින් සිටින බවත් පැවසුවාය.

Related posts

ලංකාවට ආ යුක්‍රේන සංචාරකයින්ටත් කොරෝනා

colombotoday

කොවිඩ් මර්දනයට එන්නත් වෙනුවට ඖෂධ පෙත්තක්

colombotoday

කොරෝනා ආසාදිත පූජකයාගේ දේවමෙහෙයට ආ බැතිමතුන් සොයයි

colombotoday

රන්ජන් රාමනායකට කොවිඩ්

colombotoday

ඊයේ කොවිඩ් මරණ 8ක්

colombotoday

සති හතකට පසු ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව යළි ඉහළට

colombotoday