Colombo Today Local News

රවීගේ සැක සහිත ගනුදෙණුවක් ! කබීර් හෂීම්ගේ විරෝධය

කැබිනට් මණ්ඩලය අනුමත කළ වන්දි මුදලට වඩා වැඩි වන්දියක් එයාර්කැප් නමැති සමාගමට ප්‍රදානය කිරීමේ මුදල් අමාත්‍යංශ තීරණයකට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබීර් හෂිම් විරෝධය පළ කරයි.

විෂය භාර ඇමතිවරයා වන තමන් ද නොතකා හැර එම සමාගමට ඩොලර් මිලියන 154ක වන්දියක් ලබා දීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇති බව ඔහු ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කියා සිටියේය.

නමුත්, කැබිනට් අනුමැතිය පළව ඇත්තේ ඩොලර් මිලියන 75 හා 80 අතර වන්දියක් ප්‍රදානය කිරීමටයි.

පසුගිය පාලනය විසින් 2012දී එයාර්කැප් සමාගම තෝරා ගනු ලැබූයේ ගුවන් යානා මිල දී ගැනීම සඳහා වුවත්, වත්මන් ආණ්ඩුව එම ගිවිසුම අවලංගු කොට එම සමාගමට වන්දියක් ලබා දීමට තීරණය කළේය.

එම සමාගමට වන්දි ගෙවීම අත්හිටුවන්නැයි සරත් අමුණුගම, චම්පික රණවක ඇතුළු ඇමතිවරුන් කිහිප දෙනෙකු ද ඉල්ලා ඇත.

අදාළ ගැටළුව සමථයකට පත් කර ගන්නා තෙක් ගෙවීම් අත්හිටුවන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

Related posts

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඇමරිකාවේ ආරක්ෂක රැකවරණ ඉල්ලයි….

colombotoday

ජනතාවගේ හැසිරීම අසතුටුදායක බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි

colombotoday

“එජාපය ට අවාසයි” බැදුම්කරය ගැන ප්‍රචාර තහනම් කරන්නැයි එජාපය මැ.කො. ගෙන් ඉල්ලයි

colombotoday

ජනපති කතාවේ උණුහුම යන්නත් කලින් හිටපු හමුදාපති දයා රත්නායකත් ප්‍රශ්න කරන්න කැදවයි

colombotoday

පුරුදු තැනින් ම ගෑස් ගන්න ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

Admin

පෙබරවාරි දහ වැනිදායින් පසුව පාරට බහිනවා – ජනපති

colombotoday