Colombo Today Local News

කොරෝනා ආසදිතව මිය ගිය බිලිදාගේ නඩුවෙන් විනිසුරු යසන්ත කෝදාගොඩ ඉවත් වෙයි

වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ රජයේ රෝහලකට ඇතුළත් කර සිටියදී මියගිය මුස්ලිම් ජාතික පවුලකට අයත් දින 21 ක් වයස බිලිඳු දරුවෙක් කොරෝනා රෝගයෙන් මියගිය බව මව්පියන්ට නොදන්වා ආදාහනය කිරීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා පත්තර සිටි පස් දෙනකුගෙන් යුත් විනිසුරු මඩුල්ලෙන් විනිසුරු යසන්ත කෝදාගොඩ ඊයේ (29)දින ඉවත් විය.

පෞද්ගලික හේතූන් මත එම නඩු කටයුත්තට සහභාගි නොවීමට විනිසුරු කෝදාගොඩ තීරණය කර තිබූ අතර ඔහු වෙනුවට වෙනත් විනිසුරුවකු නම් කිරීම සඳහා අදාළ නඩු ගොනුව එවේලේම අගවිනිසුරුවරයා වෙත යොමු කළේය.

පෙත්සම සලකා බැලීම සඳහා එළඹෙන මැයි 25 දා යළි කැඳවීමටද නියම කෙරිණි. ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණිය, ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සිටි අනික් විනිසුරුවන් 4 දෙනායි.

කොළඹ රජයේ රෝහලක 2020 දෙසැ. 07 දා ප්‍රසූත කර ඇති දරුවා රෝගීවීම නිසා රෝහලකට ඇතුළත් කර සිටියදී රෝගය උත්සන්න වීමෙන් මියගොස් ඇති බවත් කොරෝනා රෝගයෙන් දරුවා මියගොස් ඇති බවට පසුව තීරණය කොට මළසිරුර ආදාහනය කර ඇති බව දැනගන්නට ලැබුණු බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

දරුවා කොරෝනා රෝගයෙන් මියගිය බව මළසිරුර ආදාහනය කිරීමට පෙර රෝහලේ වෛද්‍යවරයෙක් හෝ නිලධාරීන් කිසිවෙක් තමාට හෝ බිරිඳට නොදැන්වූ බවත් පෙත්සමෙන් කියා සිටී.

තමා අදහන ආගමික විශ්වාසයට පටහැනිව දරුවාගේ මළසිරුර ආදාහනය කිරීමට තීරණය කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් හැටියට තීන්දු කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා ඇත. සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අමාත්‍යංශ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන, රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී. විජේසූරිය පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මෙරින් පුල්ලේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

Related posts

තෙල් පෝලිමක තවත් මරණයක්

colombotoday

අන්තර්ජාල සේවා මන්දගාමියි. අයකරගත් මුදල් ආපසු දෙන්න. | පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය Dialog සමාගමට දන්වයි.

colombotoday

අදත් පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

මත්පැන් බලපත්‍රවලින් කොටසක් නැවත ලබා දෙයි

Admin

විල්පත්තුවේ ගිනි පත්තුවෙද්දී බදියුදීන්ගේ ගෝලබාලයෝ නැවතත් කරළියට…

colombotoday

කුලී වාහන ව්‍යාජ ලිපිලේඛන සකසා විකුණු ජාවාරමක සුලමුල හෙළිවෙයි.

colombotoday