Colombo Today Local News

විදුලි රැහැනක ගැටී වන අලි දෙදෙනෙක් මරුට

විදුලිසැර වැදීමෙන් මිය ගිය වනඅලින් දෙදෙනෙකුගේ සිරුරු මැදිරිගිරිය, දහම්වැව ප්‍රදේශයේ වගාබිමක තිබී හමුව තිබේ.

වගාබිම ආරක්ෂා කිරීම සඳහා පුද්ගලයෙකු විසින් ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක ගැටී අද (30)දින අලුයම එම වනඅලි දෙදෙනා මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ කවුඩුල්ල රක්ෂිතයේ සැරිසැරූ වයස අවුරුදු 20ත් 30ත් අතර වු වන අලියෙකු සහ කෙනෙරකි.

මියගිය වනඅලි දෙදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණ අද ගිරිතලේ වනජීවි පශූ වෛද්‍ය ඒකකය විසින් සිදුකිරීමට නියමිතය.

අලීන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගම්වාසින් පවසා සිටියේ,

“මේ අලි දෙන්නා මැරෙන්නේ නැහැනේ එදා ජනාධිපතිතුමා ආපු වෙලාවේ කිව්වා මේ අලි ටික එළවලා වැට ගහලා සකස් කරන්න කියලා. ඒ නිසා සම්පූර්ණ වැරැද්ද වනජීවි නිලධාරීන්ගේ.“ යනුවෙනි.

Related posts

නව ව්‍යවස්ථාවට පොල්ල දමන, ගිය ආණ්ඩුවේ චූදිතයන් හිරේ නොදමන “තක්කඩියෙක්“ ගැන වික්‍රමබාහු හෙළිකරයි (Video)

colombotoday

බසයක් ලොරි‍යක ගැටී 15ක් රෝහලට… කතක් මිය යයි

Admin

මුතුහෙට්ටිගමට ඇප

Admin

කළුතර සිසුවියගේ මරණයට අදාල ප්‍රධාන සැකකරු අල්ලයි

Admin

හොරෙන් බදු ගහන්න ගිහින් තිබ්බ ටිකත් නැතිවුණා.. නීතිය හා පිළිවෙල ගැන මේ ආණ්ඩුව උගන්වන්න වෙනවා

colombotoday

මෙන්න ජනාධිපතිගේ පෞද්ගලික ලේකම්

Admin