Colombo Today Local News

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (30)දින රැස්වීමට නියමිතව තිබේ.

පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතය.

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

“අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වෙනවා සවස 7ට පක්ෂ මුලස්ථානයේ දී. හිටපු ජනාධිපති පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී විශේෂයෙන්ම අපි අවධානය යොමුකරන්න බලාපොරොත්තු වෙනවා වර්තමාන දේශපාලන තත්ත්වය ගැන. විශේෂයෙන්ම මේ වසංගත තත්ත්වය සමග රටේ මතුවෙලා තියෙන තත්ත්වය සහ ජනතාව ආර්ථිකය සමග පීඩාවට පත්වෙලා තියෙන පැතිකඩ ගැන. මේ ගැන විශේෂ කරුණු සාකච්ඡා කර පුළුල් සාකච්ඡාවක් සිදුකරනවා.”

Related posts

බෙදුම්වාදී, අන්තවාදී බලවේගවලට යළි ඉඩක් නොමැති බව විශ්වාසයි… බොදු බල සේනා සංවිධානය විසුරුවාහරිනවා !

colombotoday

ජාතික රුපවාහිනී විකාශන කටයුතු අත්හිටුවේ. සේවකයෝ හූ කියා මංගල, රාජිත, චතුර පන්නා දමයි

colombotoday

චාරිකාවක් ගිය බසයක් පෙරළෙයි

Admin

අගමැති වෙන්න මට අවශ්‍ය නෑ – කතානායක

colombotoday

ලිට්‍රෝ ගෑස් මිල වැඩිකිරීමට තීරණයක් ගෙන නෑ

colombotoday

පොහොට්ටුවෙන් ජනපතිවරණයට ඉදිරිපත් වෙන්නේ මමයි

Admin