World

එක්සත් රාජධානියෙන් තවත් එන්නතකට අනුමැතිය

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත සඳහා බ්‍රිතාන්‍යය විසින් අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව එම එන්නතට අනුමැතිය ලබා දුන් පළමු රට වන්නේ බ්‍රිතාන්‍යයයි.

එරට කොවිඩ් ආසාදිතයින්ගේ ගණන දෛනිකව ඉහළ යමින් ඇති පසුබිමක එම එන්නත ජනතාවට ලබාදීම සඳුදා (04) සිට අරඹන බව බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය බලධාරීන් පැවසීය.

එම එන්නතෙන් මාත්‍රා මිලියන 100ක් ඇණවුම් කර ඇති අතර එක එරට ජනගහනයෙන් මිලියන 50ක් සඳහා ප්‍රමාණවත් වේ.

එක්සත් රාජධානිය මේ වනවිටත් ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත මිලදී ගෙන එන්නත්කරණ වැඩසටහනක් අරඹා ඇති අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත අනුමත කිරීමත් සමගම එරට මුළු ජනගහැනයට අවශ්‍ එන්නත් ප්‍රමාණය සපයා ගැනීමට හැකිවෙතැයි සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසීය.

ඒ අතර, එංගලන්තයේ කොරෝනා වෛරස ආසාදිතයින් වැඩි වැඩියෙන් හමුවීමත් සමගම එරටට “අදියර 4” සංචරණ සීමා හඳුන්වා දී තිබේ.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නතට අනුමැතිය හිමිවීමත් සමග අගමැති බොරිස් ජොන්සන් පැවසුවේ එය “බ්‍රිතාන්‍යයේ විද්‍යා ක්ෂේත්‍රය” ලැබූ ජයක් බවය.

“අපි ඉතා ඉක්මනින් හැකි තරම් ජනතාවට එන්නත දීමට ක්‍රියාකරනවා,” යනුවෙන් අගමැතිවරයා වැඩිදුරටත් කීය.

Related posts

ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ 50 පැන්න දේශපාලඥයෙක් 14 හැවිරිදි දැරියක් විවාහ කර ගනියි.

colombotoday

මෙක්සිකෝවේ මෙට්‍රෝ අධිවේගී මාර්ගයක් දුම්රිය මැදිරි දෙකක් සමග කඩා වැටෙයි

colombotoday

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉරණම චන්ද 10 කින් විසදෙයි | යලි ජනපති විය හැකියි.

colombotoday

නෙදර්ලන්ත මැතිවරණයෙන් මුස්ලිම් විරෝධී විල්ඩර්ස් පරාදවන ලකුණු

colombotoday

ධර්ම දේශනයකට බාධා කළ විදේශිකයෙකුට මියන්මාර් අධිකරණයෙන් දැඩි දඩුවම් !

colombotoday

ගාසා තීරයේ කොටු වී සිටින පලස්තීනුවන්ට අමෙරිකාවෙන් ආධාර

Admin