Colombo Today Local News

බන්ධනාගාර තුළ ආරක්ෂාවට හිටපු යුද හමුදා නිලධාරීන් කැඳවයි

බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා හිටපු යුද හමුදා නිලධාරීන්ගෙන් සැඳුම්ලත් විශේෂ කණ්ඩායමක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, 200 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා අනියුක්ත කිරීමට සැලසුම් කර ඇති බවය.

බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් තුෂාර උපුල්දෙණිය මහතා මේ බව සඳහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“විශේෂයෙන් පාතාල ගනයේ රැඳවියන් අපි වෙන්කරලා, එයාලව දැඩි අධීක්ෂණයට ලක්කරන්න පියවර අරන් තියෙනවා. ඒකත් එක්ක අපිට මේ වන විට බන්ධනාගාර තුළ ඉදගෙන යම්යම් ජාවාරම් කිරීමට පෙළඹුන නේවාසිකයින් අපි යම්කිසි ග්‍රහණයකට නතු කරලා ඒ අයගේ ක්‍රියාකාරකම් අඩපණ කරන්න මේ වන විට සමත්වෙලා තියෙනවා. අපිට තිබුණ විශාල අභියෝගයක් තමයි පාතාල ගනයේ රැඳවියෝ ආරක්ෂණය කිරීමත් ඒ වගේම පාතාල ගනයේ රැඳවියෝ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමත්, ඔවුන් බන්ධනාගාර තුළ සුරක්ෂිතව තබා ගැනීමත්. මොකද මේ අය ඉතා සුක්ෂම රැඳවියෝ. ඒක නිසා විශේෂයෙන් ජනාධිපතිවරයා උපදෙස් දුන්නා යුද හමුදාවෙන් ඉවත් වු නිලධාරීන් මේ සඳහා බඳවා ගන්න කියලා. කඩිනමින් මම ආරක්ෂක ලේකම් තුමාගේ උපදෙස් මත මේ වන විට 200ක් බඳවා ගන්න අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ පිරිස බන්ධනාගාර බුද්ධි ඒකකය වෙත අනියුක්ත කරලා ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා බන්ධනාගාර ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂයෙන් පුහුණු කරලා තැබීම තමයි අරමුණ වෙන්නේ.”

මේ අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී බන්ධනාගාර ගතවන තරුණයින් පුනරුප්තාපනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.

Related posts

ඊලෝන් මස්ක් පසුකල ජෙෆ් බේසොස්

Admin

යුද අපරාධ චෝදනා විභාග නොකළොත් හමුදාව ජාත්‍යන්තර අධිකරණය හමුවට – ඇමැති මංගල අනතුරු අඟවයි

colombotoday

මුහුදේ පාවෙමින් තිබූ අදහාගත නොහැකි දේ

Admin

ප්‍රහාරය හෙළා දැකීමට පෙර “වහබ්වාදය ප්‍රතික්ෂේප කරනවා” යැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්න – බොදු බලෙන් උලමා ඇතුළු මුස්ලිම් සංවිධානවලට අභියෝග

colombotoday

උලමා සභාව විසින් පැවැත්වූ සාකච්ඡා රැසක හඬපට බොදු බලේට ලැබිලා – රහස් රැසක් එලියට

colombotoday

මහනුවර ඇසළ පෙරහැරට සිව් මහාදේවාලවල කප් සිටුවයි

Admin