Business

තල් වලින් වයින් නිෂ්පාදනයට පෞද්ගලික ව්‍යවසායකයන් සමග ගිවිසුම් අත්සන් කරයි

පෞද්ගලික අංශයේද සහාය ඇතිව ඉදිරියේදී තල් යොදාගෙන වයින් නිෂ්පාදනය කිරීමටත්, පොල්, කිතුල් සහ තල් රා බෝතල් ලෙස අපනයනය කිරීමටත් කටයුතු කරන බව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු පැවසීය.

තල් යොදාගෙන පෞද්ගලික සමාගමක් විසින් නිපදවන ලද අයිස්ක්‍රීම් වෙළෙඳපොළට හඳුන්වාදීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (02)දින පැවැති වැඩසටහනකදී ඇමැතිවරයා මේ බව සදහන් කළේය.

මෙහිදී තල් යොදාගෙන වයින් නිෂ්පාදනය කිරීම, රූපලාවණ්‍ය නිෂ්පාදන කටයුතු සිදු කිරීම, සෝස් වර්ග නිපදවීම සඳහා පෞද්ගලික ව්‍යවසායකයන් සමග ගිවිසුම් අත්සන් කිරීමද සිදු කෙරුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා, තල්, පොල් සහ කිතුල් කර්මාන්ත සඳහා පැවැති නීතිමය බාධක ඉවත් කිරීමට වර්තමාන රජය කටයුතු කළා. අද වෙද්දී තල් රා නිෂ්පාදනය ශීඝ්‍රයෙන් වැඩිවෙලා. රා කර්මාන්තයේ නිරත අයගේ තත්ත්වය උසස් කිරීමට කටයුතු යොදනවා. ඔවුන්ට වෘත්තීය වටිනාකමක් දෙන්න බලාපොරොත්තු වෙනවා.මෙම රා කර්මාන්තය සඳහා අලුත් පිරිසක් පුහුණු කිරීමටත් කටයුතු යොදනවා.ද්‍රවිඩ ජනතාව බහුලව ජීවත් වන කැනඩාව, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව ආදී රටවල්වලින් මෙම රා වර්ග සඳහා විශාල ඉල්ලුමක් පවතිනවා. වෙනත් වෙනත් රස වර්ග එකතු කර රා අපනයනය කර විශාල විදේශ විනිමයක් මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙනවා. තල්වලින් සහ කිතුල්වලින් ලබන වසරේදී පොල් කර්මාන්තය සමානවම විදේශ විනිමයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඊට අවශ්‍ය තාක්ෂණික සහාය සහ මූල්‍යමය සහාය රජයෙන් ලබා දීමට කටයුතු කරනවා.’ යැයි එතුමා කීය.

Related posts

කෘතිම කහ නිසා රට ලෙඩවීමේ අවදානමක්

colombotoday

මහබැංකු පොලි අනුපාතය පහළට

colombotoday

“රුපියල් සියයට 3.2 කින් අවප්‍රමාණය වෙලා”- මහ බැංකුව

colombotoday

පරිප්පු-ටින් මාලු මත පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට

colombotoday

සහල් හිඟය මවාපෑමක් බව මෝල් හිමියෝ කියති

colombotoday

පසුගිය වසර ඇතුළත කෝටි 25,700 කින් කොළඹ කොටස් ඇද වැටිලා !

colombotoday