බැදුම්කර ගනුදෙනුව පිලිබදව විමර්ශනය කිරීම සදාහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද විශේෂ ජනාධිපති කොමිසමේ සාක්ෂි දීම සදහා මහබැංකු අධිපති ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා අද කැදවා තිබිණි.
තව දුරටත් සාක්ෂි විමසීම සදහා මහබැංකු අධිපතිවරයාට හෙට දිනයේද කොමිසම හමුවේ පෙනීසිටින ලෙස දැන්වා ඇතැයි වාර්තා වේ.
කොමිසමේ සාමාජිකයින් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි , ප්‍රසන්න සුජිව ජයවර්ධන යන මහත්වරුන් සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ මහතා කටයුතු කරයි.