Colombo Today Local News

විදෙස් විනිසුරුවන් ගෙනත් පරීක්ෂණ ඉක්මන් කරන්න.. සුමන්තිරන් ඉල්ලයි

2015 වසරේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවලිය කිසිලෙසකින් වෙනස් කිරීමට ශ්‍රී ලංකා රජයට ඉඩ ලබා නොදෙන ලෙස ද්‍රවිඩ සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල නිලධාරීන් හමුවේ ඉල්ලා ඇත.

පසුගියදා ජිනීවාහී පිහිටි මානව හිමිකම් කවුන්සිල සභාපතිවරයාගේ කාර්යාලයේදී UNHRC නිලධාරීන් හමුවී ඇති සුමන්තිරන් මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා හමුදාවට එරෙහි පරීක්ෂණ සදහා අනිවාර්යෙන්ම විදෙස් විනිසුරුවන් සහභාගී කරවිය යුතු බවත් ඒ සදහා ශ්‍රී ලංකා රජය එකගව ඇති නිසා එය සංශෝධනයට රජයට ඉඩ ලබා නොදෙන ලෙසත් අවධාරණය කර තිබේ.

තවද රජයේ අත් අඩංගුවේ සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජය කිසිදු වැඩ පිළිවෙලක් මෙතෙක් ගෙන නැතැයි පවසා ඇති මන්ත්‍රීවරයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත පවා අහෝසි කිරීමට රජය කල්මරමින් සිටින බවද පවසා ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මේ ක්‍රියාවන් ඉටුකිරීම සම්බන්ධයෙන් සාධාරණ වුවමනාවක් ඇතැයි තමන් ඇතුළු දමිළ ජනතාවට හැගී ගියත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිගින් දිගටම මෙම ක්‍රියාවලිය අසාර්ථක කිරීමට කටයුතු යොදන බවද ඔහු වැඩිදුරටත් පෙන්වාදී ඇත.

Related posts

ගිනි ගත් ඉන්ධන නෞකාවේ කපිතාන්ට නොතීසි – නව සමාගම යටතේ කපිතාන්වරයා යෙදුණු මංගල ගමනත් මෙය බව හෙළිවෙයි

colombotoday

විදුලි යතුරු පැදි සහ පාපැදි ආනයනයට අවසර

colombotoday

අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීමට තිත. ජනපති හදිසි නීති රෙගුලාසි පනවයි. | කොමසාරිස් ලෙස මේජර් ජෙනරාල් නිවුන්හැල්ල පත් කරයි.

colombotoday

කිරි තේ එකක මිල පහළට

Admin

තවත් කොරෝනා රෝගීන් 7 ක් වාර්තා වෙයි. රෝගීන් සංඛ්‍යාව 330 දක්වා ඉහලට

colombotoday

රනිල්ගෙන් මෝදිට ලිපියක්

colombotoday