Colombo Today Local News

ජනතාව මුලා කරමින් POLISH, RABUKKANA… ජීප් රථය ධාවනය කළ සැකකරු අත්අඩංගුවට

ජනතාව මුලා කිරීමේ අරමුණින් POLISH,RABUKKANA යනුවෙන් සඳහන් කර ජීප් රථයක් ධාවනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, අදාළ පුද්ගලයා පසුගිය අප්‍රේල් 10 වන දින රඹුක්කන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වාරියපොළ දී අත්අඩංගුවට ගෙන ඇති බවය.

පසුව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග මත විමර්ශන සිදුකර ඇප මත මුදා හැර තිබේ.

ඒ අනුව මීට මාස තුනකට පෙර සිදුවු එම සිදුවීමට අයත් ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇතැයි පොලීසිය පවසයි.

ශ්‍රී ලංකා පොලීසියට නිකුත් කර ඇති ටාටා සුමෝ වර්ගයේ නිල් පැහැති ජිප් රථයක දකුණු පස POLISH,RABUKKANA යනුවෙන් සඳහන් කර මහජනතාවට වැරදි අවබෝධයක් ලබා දීමට ඇතැම් පිරිස් විසින් එය පළ කර ඇති බවත් පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

Related posts

සහරාන්ගේ පුහුණු කඳවුරක් මූතුර්වල

colombotoday

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් අනිද්දා

Admin

රත්ගම සහ ඇහැලියගොඩකළ වැටලීම්වලදී ගිනි අවි සමග තිදෙනෙකු කොටු

colombotoday

කෙහෙලිය ගෝ ගම සංවිධායකයින් අත්අඩංගුවට

Admin

සම්බන්ධන්ගේ ෆෙඩරල් ඉල්ලීම අගමැති ප්‍රතික්‍ෂේප කරයි

colombotoday

ගොවියන්ගෙන් කප්පම් ඉල්ලන්න ආ මඩු දේවස්ථානයේ පියතුමාට ගොවීන්ගේ විරෝධය

colombotoday