Colombo Today Local News

නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේදීම පරදන්න සූදානම්.. තීරණාත්මක මොහොතේ ශ්‍රීලනිප සහය !!

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පරාජය කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් තීරණාත්මක මොහොතේ දී තමන් හා එක්වනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි.

එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා සදහන් කළේ නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුව තුළදීම පරාජය කිරීමේ හැකියා පවතින බවයි.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සදහා පත්කල ව්‍යවස්ථා අනුකමිටු හයෙන් ඒකාබද්ධ විපක්ෂ සාමාජිකයන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ බන්ධුල ගුණවර්ධන මහතා,

ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කළේ “අද වෙන කොට බොහොම පැහැදිළි වෙලා තියෙනවා වෙනත් න්‍යාය පත්‍රයකට අනුව කටයුතු සිදු වෙනවයි කියලා. ඉතින් අපිට ඒ ෆෙඩරල් ව්‍යවස්ථාවකට සම්බන්ධ වෙන්න බැහැ. අනුකමිටුවලින් ඉවත් වුණත් තව දුරටත් මෙහෙයුම් කමිටු සාමාජිකයන් රැඳී සිටිනවා. ඔවුන් හරහා ඉදිරියේදී සිදු වෙන දේ රටට දැනගන්න පුලුවන්.මේක පාර්ලිමේන්තුව තුළින්ම පරාජය කරන්න පුළුවන්. ශ්‍රී ලංකා නිහදස් පක්ෂය කිසිවිටෙකත් ෆෙඩරල් ක්‍රමයකට කැමතියි කියලා නැහැ. ඒ නිසා තීරණාත්මක මොහොතේදී ශ්‍රීලනිප සහය ලැබෙයි මෙය පරාජය කරන්න.” යනුවෙනි.

Related posts

නැගෙනහිර මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

සූෆි මුස්ලිම් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වෙතැයි අනතුරු ඇඟවීම්

colombotoday

මුස්ලිම් මැති ඇමතිවරු වැලලෙන්න ඉල්ලා මුස්ලිම් රටවලට කේලාම් කීම සාර්ථකයි. ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයෙන් රජයට බලපෑම්

colombotoday

යන්තන් ඉන්ධන නැවක් නිදහස් කර ගනී

colombotoday

පෑලියගොඩ, වනවාසල දී අයිස් කිලෝවක් අල්ලයි

Admin

මොළය මැරුණු සිරුර හදවත් සැත්කමකට ගුවනින් කොළඹට රැගෙන එයි – වෙනත් ශරීරාංගත් බද්ධ කිරීම් වලට දෙයි

Admin