පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ එතන හිමියන් හට ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ නොහැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එනිසා රතන හිමියන් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවද ඇමතිවරයා අවධාරණය කරයි.
කෙසේ වෙතත් විපක්ෂයට එක්වීමට හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට එක්වීමට කැමැත්තක් නොදක්වන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගිය ජනවාරි මස (16) දා කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පවසා සිටියහ.