Colombo Today Local News

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සර සමුළුව අද ​වීඩියෝ තාක්ෂණය ඔස්සේ

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් 1951 වසරේ අද (සැප් 02) වැනි දිනක පිහිටවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැලකෙන්නේ මැද මාවතේ දේශපාලන පක්ෂයක් ලෙසය.

පක්ෂය පිහිටුවා වසර පහක් ඇවෑමෙන් රටේ පාලන බලය ලබා ගැනීමට තරම් ප්‍රබල ජන බලවේගයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකිවූයේ මහජන එක්සත් පෙරමුණේද සහය ලබා ගනිමිනි.

ඒ අනුව, 1956 වසරේ සඟ ,වෙද, ගුරු, ගොවි ,කම්කරු යන පංච මහා බලවේග එක්රැස් කරමින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මෙරට සිව්වන ආග්‍රාමාත්‍යවරයා ලෙස අණ්ඩු බලය අත්පත් කර ගත්තේය.

ඔහුගේ පාලන සමයේදි බහු ජාතික සමාගම් යටතේ තිබූ ව්‍යාපාර හා ආර්ථික මරමස්ථාන ජනසතු කෙරුණු අතර සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පත් කළේය.

එතැන් සිට මේ දක්වා වාමාංශික පක්ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වසර 30කට අධික කාලයක් මෙරට රාජ්‍ය බලය හෙබවූ අතර දැනට බලය හිමි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවකරුවෙකු ලෙස ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරයි.

විධායක ජනාධිපති ක්‍රමය පිහිටුවීමෙන් පසු ජනාධිපතිවරුන් දෙදෙනෙකු බිහි කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට හැකි වූ අතර එම ජනාධිපතිවරුන් දෙදෙනා වසර 21ක් ධුරය හෙබවීමට සමත්විය .

ඩොමිනීයන් තත්ත්වයෙන් මිදී මෙරට ජනරජයක් බවට පත් කිරීමේ ගෞරවය හිමිවන්නේද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවකටයි.

එමෙන්ම ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ද, වසර 41ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය ලබා දුන්නාය.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 70වැනි සංවත්සර සමුළුව අද දිනයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන බව එහි ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Related posts

පහරදීමකින් මාදම්පේ උණුසුම් වෙයි – අමතර පොලිස් බලඇණි කැදවයි

colombotoday

රටපුරා කොවිඩ් රෝගීන්ට දැඩි ඔක්සිජන් අවශ්‍යතාවක් – ඉදිරි සති දෙක තුළ ඔක්සිජන් ආනයනයට රජය සූදානම්

colombotoday

“අලි රොෂාන්” ඇතුළු විත්තිකරුවන් නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ්

colombotoday

“මේ දෙක විතරයි ඉතුරු” – සරම උස්සා ඇමති සාගලට යමක් පෙන්වූ අයෙකුට වැඩ වරදී !!

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශ ලොක්කන්ට දියතලාව කඳවුරේදී නත්තල් පාටියක් – හමුදා නිලධාරීන් දැඩි කළකිරීමෙන්

colombotoday

මේ ආණ්ඩුව කෝටි 13000ක් අච්චු ගහලා..

Admin