Colombo Today Local News

මුස්ලිම් කොංග්‍රසයේ තනතුරු මාරුවෙයි.. අර්බුධය තවත් උග්‍ර අතට !!

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් එම්.ටී.හසන් අලි මහතා එම ධූරයෙන් ඉවත් කරමින් එම කොංග්‍රසයේ ලේකම්වරයාව සිටි මන්සූර් ඒ.කාදර් මහතා ස්ථීර මහ ලේකම්වරයා වශයෙන් පත් කිරීමට ඊයේ (12) පැවති මුස්ලිම් කොංග්‍රසයේ සම්මේලනයේදී තීන්දු කෙරිණි.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති පක්ෂ සම්මේලනයේ දී මෙම තීන්දුව ගත් අතර ඒ අනුව 2015 දී පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරමින් පත්කරගත් ලේකම් තනතුර අහෝසි කරමින් මන්සූර් ඒ.කාදර් මහතා මහලේකම් ධූරයට පත්කළ බව මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

එකම පක්ෂයක ලේකම්වරුන් දෙදෙනකු සිටිය නොහැකි බැවින් මුස්ලිම් කොංග්‍රසයේ නිත්‍ය ලේකම්වරයා කවුරුන්ද යන්න තීරණය කර මසක කාලයක් ඇතුළත මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මුස්ලිම් කොංග්‍රසයට නියෝග කර තිබිණි.

Related posts

චීනයෙන් පොලිසියට නිල ඇඳුම්

Admin

ඥානසාර හිමි නිදහස් කිරීමට ජනපති පියවර ගත යුතුයි – අමාත්‍ය පී දිගම්බරම්

colombotoday

මහජන ධනයේ ආරක්ෂකයෝ ජවිපෙ යයි.. පාලකයින්ගේ වංචා දුෂණ අඩුවෙන්න හේතුව ජවිපෙයේ පාර්ලිමේන්තු නියෝජනයයි

colombotoday

අන්තරේ කැඳවුම්කරු ඇප මත මුදාහරී

colombotoday

ඉදිරි මාස 4ටත් කථානායක කරු !

colombotoday

CID හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකරගෙන් පෙත්සමක්

colombotoday