Colombo Today Local News

අකිලට වැඩ බලන්න දී අගමැති රට යයි.. සජිත්, රවී ඉවතට විසි වෙයි !!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක් සදහා පිටත් යෑමට නියමිත වන අතර, අග්‍රාමාත්‍යවරයා රටින් බැහැව සිටින කාලය අතරතුර එම තනතුරට අදාල රාජකාරී ආවරණය කිරීම සදහා අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පත්කර ඇත.

ඒ සම්බන්ධයෙන් වන ලිපිය අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට යොමුකොට ඇති බව වාර්තා වෙයි.

එජාප නායකයා රටින් බැහැරව සිටින අවස්ථාවලදී ඔහු දරණ තනතුරුවලට අදාලව වැඩ බැලීම සදහා පක්ෂයේ මීළගට ඉහළම තනතුරු දරණ පුද්ගලයා පත් කිරීම එජාප සම්ප්‍රදාය වුවත්, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට හෝ උප නායක රවී කරුණානායක මහතාට එම අවස්ථාව අහිමිව ඇත.

අකිල විරාජ් කාරියවසම් මහතා දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන එජාප මන්ත්‍රීවරුන් 82 ගෙන් ජ්‍යෙෂ්ඨත්වය අතින් 22 වැනියා ලෙසද සදහන් වේ.

Related posts

රජයේ අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට

colombotoday

විදෙස් විනිසුරුවන් ඉල්ලා යාපනේ උද්ඝෝෂණ

colombotoday

බැදුම්කර වාර්තාවෙන් කිසිවෙක් වරදකරුවන් කර නෑ – කිරිඇල්ල

colombotoday

පරික්ෂා කලායැයි කෝප වී සිවිල් ආරක්ෂක භටයාට පහර දුන් පොහොට්ටුවේ මන්ත්‍රී බන්ධනාගාර ගත කෙරේ

colombotoday

හොරුන්ගෙන් බේරගන්න ගවයන්ට ඌරු තෙල් එන්නත් කරයි

colombotoday

සයිටම් සිසුන් කොතලාවල පීඨයට බදවාගැනීමේ කැබිනට් පත්‍රිකාවට ආචාර්යවරුන්ගේ විරෝධය

colombotoday