Colombo Today Local News

මුහුදු ගිය දෙදෙනෙක් අතුරුදන්

මීගමුව පොලිස් වසමේ කුට්ටිදූව ප්‍රදේශයෙන් මුහුදු ගිය පුද්ගලයින් දෙදෙනෙක් බෝට්ටුව පෙරළීමෙන් අතුරුදන්ව තිබේ.

කුඩා බෝට්ටුවකින් එම පුද්ගලයින් දෙදෙනා ඊයේ (28) උදෑසන ධීවර රැකියාව සඳහා ගොස් ඇත.

අතුරුදන් වු ධීවරයින් සොයා මීගමුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

එලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 61 හා 60ක් වු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

අතුරුදන්වුවන් සොයා නාවික හමුදාව හා මීගමුව පොලීසියේ නිලධාරීන් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Related posts

කළුතර සිසුවියගේ මරණයට ලැගුම්හල හිමිකරුගේ බිරිඳ අත්අඩංගුවට

Admin

ඕමාන මිනිස් ජාවාරම : තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

වෙළඳපොළේ සහල් හිඟයක්

Admin

අගමැති හෙට විශේෂ ප්‍රකාශකයක් කරන්න යයි

colombotoday

ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

භූතයෙකු ආරුඩ කරගත් පුතා මව මරා දමයි

colombotoday