Colombo Today Local News

නෙත් FM ‘බැලුම්ගල‘ මාධ්‍යවේදියා අතුරුදන් !!

‘නෙත් එෆ් එම්’ නාළිකාවේ ඩිජිටල් අංශයේ ප්‍රධානියා මෙන්ම, ‘නෙත් නිව්ස්’ වෙබ් අඩවියේ (nethnews) සංස්කාරකවරයා වන නිලූප සංජය ලියනගේ මහතා හිටි හැටියේ අතුරුදහන්ව ඇතැයි වාර්ථා වේ.

‘නෙත් එෆ් එම්’ නාළිකාවේ ජනප්‍රියතම වැඩසටහනක් වූ ‘බැලුම්ගල’ වැඩසටහනේ ප්‍රධානියා ලෙස කලක් කටයුතු කල ඔහු ඒ හරහා මාධ්‍ය ක්ෂේත්‍රය තුල ජනප්‍රියත්වයට පත්ව සිටියේය.

බැලුම්ගල සම්බන්ධ වගකීම්වලින් ඔහු ඉවත්වී බොහෝ කලක් වුවද, මේවනවිටත් එම වැඩසටහනින් කෙරෙන හෙළිදරව් කිරීම් වලදී ද චෝදනා වලට ලක්වුවන්ගේ ඉලක්කය වී ඇත්තේ නිලූප සංජය ලියනගේ මහතා බව පැවසේ.

පසුගිය දින කිහිපයෙහි ‘බැලුම්ගල’ වැඩසටහනේ විකාශය වූ පාතාලය පිලිබඳ අනාවරණයන් හේතුවෙන් ඔහුට දිගින් දිගටම මරණීය තර්ජන එල්ලවී තිබු බවත්, ඒ අනුව ඔහු පදිංචිව සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවෙසින් පවුලේ සාමාජිකයින් සමග පලාගොස් ඇති බවත් වාර්තාවේ.

තමන්ට එල්ලවී ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් ‘නෙත් එෆ් එම්’ ප්‍රධානින් දැනුවත් කර ඇති නිලූප, ප්‍රශ්නය සමතයකට පත්කර ගැනීම සඳහා මාසයක නිවාඩුවක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව ඔහුට නිවාඩු අනුමත කර තිබේ.

තහවුරු නොකළ ආරංචි මාර්ග සදහන් කරන්නේ දේශපාලන රැකවරණ පතා ඔහු ස්විට්සර්ලන්තය වෙත ගොස් ඇති බවයි.

බැලුම්ගල වැඩසටහන නිසා පාතාල නායකයෙකුගෙන් එල්ල වී ඇති තර්ජන පිලිබද ඔහු විසින් පොලිස් පැමිණිලි කිහිපයක්ද ගොනු කර ඇති අතර එම විමර්ෂණ මෙතෙක් හමාර වී නොමැත.

මෙම තර්ජනය පිලිබද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වඩා පවුලේ සාමාජිකයින්ගේ ජීවිතය බේරාගැනීමට වැඩි අවධානයක් යොමුකරන බව ඔහු පසුගියදා තම හිතවතුන් සමග පවසා ඇත.

 

Related posts

ජනතාව බදු ගින්නේ.. 2017 නව වසරට මුදල් අමාත්‍යාංශයෙන් ගිනිකෙළි සංදර්ශනයක් !

colombotoday

විදුලි ඉංජිනේරුවෝ ලෙඩ වෙයි

colombotoday

පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරිනීතිය කඩකළ රථවාහන 63ක් පොලිස් භාරයට

colombotoday

වත්මන් රජය යටතේ තමන් ඇසූ, දුටු අමිහිරිම පුවත් ගැන සෙන්පති කමල් ගුණරත්න හෙළිකරයි

colombotoday

අත්අඩංගුවට ගැනීමට පොලිසිය එද්දී රන්ජන් යට ඇදුමෙන් දාපු සෙල්ලම් (Video)

colombotoday

මුතුරාජවෙල තෙත්බිම් කළාපය සරංක්ෂණය හා තිරසර භාවිතයට තීරණ රැසක්

colombotoday