Colombo Today Local News

බදුර්දීන්ගේ කුණු හෝදන්න ඇවිත්, වියන්ගොඩලා රත්නප්‍රියලා ඇදගෙන නාගනී (Video)

රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාගේ මෙහෙයවීමෙන්, වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදී විල්පත්තුව විනාශ කර නැතැයි ද, විල්පත්තුව විනාශ කරනවා යැයි කෑ ගසන පුද්ගලයින් සහ මාධ්‍යවේදීන් බූරුවන් යැයි ද එම මාධය හමුව ඇමතූ පුද්ගලයින් ඉතාමත් ප්‍රකෝපකාරී ලෙස ප්‍රකාශ කළහ.

තිලක් කාරියවසම්, සමන් රත්නප්‍රිය, ගාමිණි වියන්ගොඩ, සජීව විජේවීර යන පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම මාධ්‍ය හමුව ඊයේ (07) මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පැවැත්විණි.

එහිදී විල්පත්තුවේ පදිංචි වී සිටින්නන් යයි පවසා වෙනත් ප්‍රදේශවල පුද්ගලයින් පිරිසක් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී ඔවුන්ගේ පදිංචි ප්‍රදේශය පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළහ. ඔවුන් විල්පත්තු ප්‍රදේශයේ පුද්ගලයින් නොවේ යයි එක මාධ්‍යවේදියෙකු ප්‍රකාශ කිරීමෙන් පසු කලබල වූ සමන් රත්නප්‍රිය ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීම නැවත්වීමට කටයුතු කළහ. එහිදී මාධ්‍යවේදීන් කියා සිටියේ ප්‍රශ්න ඇසීමට නොහැකි නම් මාධ්‍ය හමුවකට එන්න කීවේ මන්ද යන්නයි.

මේ අතර තවදුරටත් ප්‍රශ්න කල මාධ්‍යවේදීන් එහි සිටි මුස්ලිම් ජාතිකයින් කිහිප දෙනෙකු පෙන්වා “මේ මාධ්‍ය හමුව සංවිධානය කලේ බදුර්දීන් ඇමතිවරයාගේ අමාත්‍යාංශයෙන් ද? මේ ඉන්නේ බදුර්දීන් ඇමතිවරයාගේ අමාත්‍යාන්ශයේ වැඩ කරන අය නේද?” යයි ප්‍රශ්න කළහ. එහිදී නිරුත්තර වූ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මාධ්‍ය වේදීන්ට අපහාස කරමින් විල්පත්හුව කපල කියල කෑ ගහන්නේ “බූරුවෝ” වැනි ප්‍රකාශ කරමින් මාධ්‍ය වේදීන්ට පහර ගැසූහ.

එමෙන්ම “උබලට මෙහෙම දෙයක්වත් හරියට සංවිධානය කරගන්න බෑ” කියමින් එය සංවිධානය කල පුද්ගලයින්ට පවා ඔවුහු බැණ වදිනු අසන්නට ලැබුණි.

Related posts

කොටියෙකු අල්ලා මස් කර විකිණූ තිදෙනෙකුට වැඩ වරදියි

colombotoday

ත්‍රීරෝද රියෙන් ඇවිත් මහ මගදී වෙඩි තබා පැන යයි.. හමුදා කෝප්‍රල්වරයෙක් රෝහලට

colombotoday

MIG 27 චෝදනාව ගැන ගෝඨාභයගෙන් විශේෂ ප්‍රකාශයක් !!

colombotoday

තලංගමදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයා මරුට

Admin

පාලම් පාරුවේ ක්‍රියාකරුවන් දෙදෙනා සහ හිමිකරු රිමාන්ඩ්

colombotoday

සාකච්ඡා අසාර්ථකයි දුම්රිය වර්ජනය අඛණ්ඩව

colombotoday